ෆේස්බුක් ගේ’ම් දී පිරිමින් රැ’වට්ටූ කතක් මා’ට්ටු…පිරිමි ලැජ්ජාවට කියල නෑ

0

අක්කරෙයිපත්තුව පොලිස් වසම ඉස්ලාම් භක්තිකයන් අතිබහුතරයක් වෙසෙන ප්‍රදේශයකි. පසුගිය 28 වැනිදා සවස් යාමයේ අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංග හමුවීමට මිතුරකු සමඟ පැමිණියේ රිෆාන්ය. 43 හැවිරිදි රිෆාන් සයින්දමර්දුහි වෙසෙන්නෙකි.

පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයකු ලෙස සේවය කරන රිෆාන් නිතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන්හි සැරිසරන‍්නෙකි. මීට මාස තුන-හතරකට පෙරදී රිෆාන්ට ෆේස්බුක් මඟින් තරුණියක් හඳුනා ගැනීමට හැකි විණි. ඇය ඔලුවිල්හි වෙසෙන 27 හැවිරිදි රහුමාය. පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට පැමිණි රිෆාන් කීවේ,

“සර්… මගෙන් කෙනෙක් ලක්ෂ හයක මුදලක් ඉල්ලනවා. නැත්නම් මගේ නි’රුවත් ඡායාරූප අන්තර්ජාලයට දානවා කියලා මාව බය කරනවා…”

පොලිස් ස්ථානාධිපතිවරයා, රිෆාන්ගෙන් දිගින් දිගටම විමසුවේ එහි අගමුල කුමක්ද යන්නයි. රිෆාන් කියන්නට වූයේ,

“මෙහෙමයි සර්… මං මීට මාස තුනහතරකට කලින් ෆේස්බුක් එකෙන් රහුමා කියන තරුණිය හඳුනා ගත්තා… ඇය මට නිතර මැසේජ් කරන්න ගත්තා. පස්සේ අපි දෙන්නා එෆ්බී මඟින් වට්ස්ඇප් වීඩියෝ කෝල් මඟින් ප්‍රේම සම්බන්ධයක් පටන්ගත්තා. පුද්ගලික පින්තූරත් හුවමාරු වුණා…”

එම වීඩියෝ දසුන් ලබාදීමේදී රහුමා කිසි විටෙකත් ඇගේ මුහුණ පෙන්වා නැත.පොලිස් වි’මර්ශනවලදී අ’නාවරණය වී ඇත්තේ ඇය මුව නොපෙන්වා වෙනත් තරුණියන්ගේ නිරුවත් දර්ශන තරුණයන්ට යවා ඇති බවයි.

එහෙත් ඇය පිරිමි පුද්ගලයාගේ මුළු සිරුරේම නිරුවත් වීඩියෝ දසුන් සහ ඡායාරූප ලබා ගැනීමට උපක්‍රමශීලී වී තිබුණාය. එලෙස ලබාගත් වීඩියෝ සහ ඡායාරූප එසැණින් බාගත කරගැනීමට තරම් රහුමා සූක්ෂ්ම වූවාය.

එලෙස වීඩියෝ සහ ඡායාරූප ලබාගැනීමත් සමඟ රහුමාගෙන් ලැබෙන ඇමැතුම් එක්වරම නැවතී තිබුණේ රිෆාන්ටද කිසිවක් සිතාගත නොහැකි පරිද්දෙනි. අනතුරුව දින කීපයකට පසු රිෆාන්ට ඇමැතුමක් ලැබී ඇත්තේ නා’ඳුනන පුද්ගලයකුගෙනි.

“ත’මුසෙ දන්නවද කතා කරන්නේ කවුද කියලා… තමුන් මගේ බිරියත් සමඟ අ’නියම් සබඳතාවක් පවත්වලා තියෙනවා… මට අතටම අහුවුණා. මගේ බිරියගේ ජංගම දුරකථනයේ සියල්ල තියෙනවා… වීඩියෝ… ෆොටෝස් ඔක්කොම තියෙනවා… මම මේකට හොඳ වැඩක් කරනවා… පොලිසි යනවා… ඡායාරූප… වීඩියෝ ඔක්කොම ටික එෆ්බීත් දානවා…”

එම ඇමැතුමත් සමඟ රිෆාන්ට උන්හිටිතැන් අමතක වූයේ කළ යුත්තේ කුමක්ද යන්න සිතා ගැනීමටවත් නොහැකිවයි. ක්ෂණයෙන් නැවතත් එම පුද්ගලයා අමතා කීවේ,

“හැබැයි ත’මුසෙට මගෙන් බේරෙන්න ඕන නම් පොඩි වැඩක් කරන්න පුළුවන්… මට සල්ලි කීයක් හරි දෙනවා…එතකොට හරි…” රිෆාන්ට එය ඉහේ මලක් පිපුණාක් මෙන් ඇමැතුමකි. ඔහු විමසුවේ, “කීයක්ද අයියා…. මං කියන ගාණක් දෙන්නම්….” යනුවෙනි.

“හරි… මං මේ කිසිවක් පොලිසියට දෙන්නෙත් නෑ… අන්තර්ජාලයට දාන්නෙත් නෑ… මට ලක්ෂ හයක් දෙනවා…” එම පුද්ගලයා පවසා ඇත.අනේ අයියා… මං සල්ලි දෙන්නම්… කොහොමද මුණ ගැහෙන්නෙ…””නෑ… නෑ… මට හමුවෙන්න ඕනෙ නෑ…”

ඒ අනුව එම පුද්ගලයා රිෆාන්ට කීවේ ඔලුවිල්හි කටාර් නිවාස සංකීර්ණයේ පාළු ස්ථානයක පිහිටි අසවල් ගස යට මුදල් තබන ලෙසටයි. එය සිදුවී තිබුණේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදායි. එම මුදල් දුන් රිෆාන් සුසුමක් හෙළුවේ ‘යාන්තම් ක’රදරෙන් බේ’රුණා..’ යැයි සිතමිනි. එහෙත් ගතවූයේ දින කීපයක් පමණි. නැවතත් රිෆාන්ට දුරකථන ඇමැතුමක් ලැබුණේ ලක්ෂ හය දුන් රහුමාගේ සැමියාගෙනි.

“මේ හලෝ… දන්නවනේ කතා කරන්නේ කවුද කියලා… මගේ ළඟ අර ඡායාරූප වීඩියෝ තවම තියෙනවා… මං කෙළින්ම කතාව කියන්නම්… මට තව ලක්ෂ හයක් ඕනෙ… නැත්නම් මං ඒ ටික එෆ්බී දානවා… පොලිසියටත් දෙනවා… කැමැතිද?” එම දුරකථන ඇමැතුමත් සමඟ රිෆාන් නැවතත් තැති ගත්තේ මෙකී පුද්ගලයාගෙන් ගැ’

ලවීමක් නොමැති වග සිහිපත් කරමිනි.

පෞද්ගලික ආයතනයක අලෙවි නියෝජිතයෙක් ලෙස සේවය කරන රිෆාන් මහා වත්පොහොසතෙක්ද නොවේ. රහුමාගේ සැමියාට දීමට නැවතත් රිෆාන් මුදල් සොයන්නට විය. ඒ සඳහා ලක්ෂ දෙකක මුදලක් රිෆාන් විසින් අතමාරුවට ඉල්ලුවේ ඔහුගේ මිතුරෙකුගෙනි.

“මචං… මට රුපියල් ලක්ෂ දෙකක් දියන්..”මේ හදිසියේ උඹට මොකටද ලක්ෂ දෙකක්…” මිතුරා විමසීය..කියම්දෝ නොකියම්දෝ යැයි වි’චිකිච්ඡාවෙන් පසුවූ රිෆාන් පසුව ඔහු මුහුණපා සිටි තත්ත්වය මිතුරාට අකුරක් නෑර පවසන්නට වූයේය. ඒත් සමඟ මිතුරා, රිෆාන්ට කීවේ, “ඕකට සත පහක් දෙන්න එපා… අපි යමු පොලිසි…”

මුලදි රිෆාන්ට ඊට අදිමදි කළත් පසුව, ඉකුත් ඔක්තෝබර් 28 වැනිදා රිෆාන් අක්කරෙයිපත්තුව පොලිසියට පැමිණියේ මිතුරාද සමඟිනි. පොලිස් ස්ථානාධිපති විජේතුංග හමුවේ සියල්ල පැවසුවේය.

රිෆාන් මුහුණපා ඇති තත්ත්වය හොඳින් තේරුම්ගත් පොලිස් ස්ථානාධිපතිවරයා එම පුද්ගලයා කො’ටුකර ගැනීමට උපක්‍රමයක් ලෙස රිෆාන්ට කීවේ, දිගින් දිගටම ඔහු සමඟ කතාබස් කරමින් මුදල් දීමටද පොරොන්දු වන ලෙසයි. ඒ අනුව මුල් වතාවේ මුදල් තැබූ ස්ථානයේම මුදල් තැබීමටද රිෆාන් එම පුද්ගලයාට පොරොන්දු විය.

ඒ අතරේ අක්කරෙයිපත්තු පොලිස් නිලධාරින්ද එම ස්ථානයට ගොස් පරීක්ෂා කරමින් එම පුද්ගලයා කො’ටුකර ගැනීමට සූදානම් වූයේ මුදල් පාර්සලයක ‘ඩමියක්ද’ රිෆාන්ට සකසා දෙමිනි.

පසුගිය 29 වැනිදා දිනය උදා විය.රිෆාන්ගේ මුදල් ලබා ගැනීමට එන තැනැත්තා එදින රාත්‍රී 7 පමණ වෙද්දී අදාළ ගස යට මුදල් තබන ලෙස රිෆාන්ට නි’යෝග කළේය. ඊට පැය තුන හතරකට කලින් පොලිස් නිලධාරින්ද එම ප්‍රදේශයට ගොස් රැකවල්ලා සිටියේ මුදල් ලබා ගැනීමට එන පුද්ගලයා කොටුකර ගැනීමටයි.

නියමිත වේලාව එළැඹිණි. යතුරුපැදියක නැඟි එම පුද්ගලයා පැමිණියේ කාන්තාවක ද සමඟිනි. අදාළ ගස අසලින් මුදල් ලබා ගැනීමට සැරසෙනවාත් සමඟම රැකවල්ලා සිටි පොලිස් නිලධාරින් විසින් දෙදෙනා කො’ටුකර ගත්හ. කො’ටුකරගත් දෙදෙනාගෙන් කාන්තාව සන්තකයේ දුරකථනයක්ද වූවාය. එම දුරකථනය පරීක්ෂා කළ පොලිස් නිලධාරින් දුටුවේ එහි පිරිමි පුද්ගලයන් විසිතිස් දෙනෙකුගේ පමණ නි’රුවත් ඡායාරූප සහ වීඩියෝ තිබෙන බවයි.

“මේ ඡායාරූප කාගෙද… මොකද්ද උඹලා කරන ජා’වාරම…පොලිස් නිලධාරින්ගේ ප්‍ර’ශ්න කිරීම් හමුවේ දෙදෙනාට සියල්ල ව’මාරන්නට වූහ. ඒ අනුව ඔවුන් දෙදෙනා වසර දෙක තුනක පමණ සිටම රිෆාන්ට කළ සේ පිරිමි පුද්ගලයන් රවටමින් ලක්ෂ ගණනින් මුදල් උපයා තිබිණි.

එහිදී නැඟෙනහිර පළාතේ සමන්තුරෙ, අක්කරෙයිපත්තු, නින්දවුර්, කල්මුණේ, අම්පාර ආදි පෙදෙස්වල විවිධ තරාතිරම්හි පුද්ගලයෝ එම දෙදෙනාට හසුවී ඇති බව පොලිසියට හෙළි විණි.

ඊට අමතරව මොවුන් දෙදෙනාට හසුවූ පිරිමි පුද්ගලයන් කෙතරම් ප්‍රමාණයක්ද යන්න නිසි ලෙස අනාවරණය කරගැනීමට නොහැකි බව පොලිසිය පවසන්නේ ඇතැම් දෙනා සිදුවන අවමානය සහ පෞද්ගලික ප්‍රශ්න නිසාවෙන් නීතිය ඉදිරියට පැමිණීමට අකමැත්තෙන් පසුවන බවයි.

එහෙත් අක්කරෙයිපත්තු පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ මෙකී ජා’වාරමට හසුවූ සියලු දෙනාම නො’බියව පැමිණ පොලිසියට පැ’මිණිලි කරන ලෙසටයි.

රාහුමාගේ සැමියා ලෙස පෙනී සිටි පුද්ගලයා 40 හැවිරිදි මොහොමඩ් ෆසිල් නමැති අවිවාහකයෙකි. ඔවුන් දෙදෙනා මෙකී ජා’වාරමට අඹු සැමියන් ලෙස පෙනී සිටියත් හැබැයින් රහුමාට ‍ෆසිල් මාමා කෙනෙකි. ඒ රහුමාගේ මවගේ සහෝදරයෙක් නිසාවෙනි. රහුමා 27 හැවිරිදි දරුවන් දෙදෙනෙකුගේ මවකි. ඇගේ සැමියා මීට කලෙකට පෙරදී මි’ය ගොසිනි.

අනතුරුව ඇය ෆේස්බුක් ඔස්සේ පිරිමින් වසඟයට ගෙන මෙකී ජා’වාරමට සම්බන්ධ වී ඇත්තේ ෆසිල්ගේ මෙහෙයවීමෙනි. ෆසිල් විසින් එෆ්බී ඔස්සේ වත්පොහොසත් පිරිමි පුද්ගලයන් රහුමාට සොයා දෙන්නේය. ඇය රි‍ෆාන්ට කළ සේ පිරිමි පුද්ගලයන් ‘අන්දවා’ නි’රුවත් ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන ෆසිල් සමඟ මෙකී ජා’වාරම සිදුකොට ලක්ෂ කෝටි ගණනින් මුදල් උපයා ඇති බව පොලිස් වි’මර්ශනවලදී හෙළි වේ.

ෆසිල් සහ රහුමා අත්අඩංගුවට පත්වීමත් සමඟ දෙදෙනාගේ ජා’වාරමට හසුවූ පුද්ගලයන් කිහිප දෙනෙක්ම අක්කරෙයිපත්තුව පොලිසියට පැමිණියේ ඔවුන් දෙදෙනාගේ ජා’වාරමට හසුවූ බව කියමින් පැ’මිණිලි කිරීමටයි.අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපතිවරයා අපට කීවේ,”ආපු එක් පුද්ගලයකු වරින්වර රුපියල් කෝටි පහ හයකට වඩා මේ දෙන්නට දුන් බව කියමින් පැ’මිණිලි කළා.

එලෙස ඉපැයු මුදල් යොදවා දෙදෙනා සුඛෝපභෝගි නිවෙස් ඉදිකරමින් ව්‍යාපාර කටයුතු සිදු කරමින් සුඛෝපභෝගී දිවියක් ගතකර ඇත.අත්අඩංගුවට පත් දෙදෙනා පසුගිය 30 වැනිදා අක්කරෙයිපත්තුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14කට ර’ක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මෙතෙක් කලක් බොහෝ සේ වාර්තා වූයේ සමාජ මාධ්‍යයන් ඔස්සේ කාන්තාවන්ට වන ගැ’හැටයි. එහෙත් පිරිමි පුද්ලයන්ද අ’මාරුවේ වැ’ටුණු මෙවැනි සිදුවීම්ද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා මඟින් සිදුවන බව සමාජ මාධ්‍ය පරිශිලකයන් සිහි තබාගැනීම නුවණට හුරුය.

මේ පිළිබඳ වි’මර්ශන අම්පාර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වයි. සෙනෙවිරත්න, අම්පාර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දේශප්‍රියගේ අධීක්ෂණයෙන් අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. බී. විජේතුංගගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ගුණරත්න ඇතුළු නිලධාරිහු සිදු කළහ.

අමිල මලවිසූරිය – සිළුමිණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here