විදුලි අ’ර්බුධයක් අතලඟ..ගල්අගුරු නාවොත් නොරොච්චෝලේ ඩවුන්

0

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බ’රපතළ විදුලි අ’ර්බුදයක් නිර්මාණය වී විදුලි ක’පාහැරීමට සිදුවනු ඇතැයි ලංවීම කියා සිටී.

මේ සම්බන්ධයෙන් ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතාද කියාසිටියේ ගල්අඟුරු මිල ඉහළ යෑම සහ ක්‍ෂණික මිලදී ගැනීමට අදාළව කැඳවූ ටෙන්ඩරය අ’වලංගු වීම නිසා ගල්අඟුරු නෞකා හයක් මෙරටට නොපැමිණි බවයි.

නමුත් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය වන මෙගාවොට් 900 න් මෙගාවොට් 300 බැගින් වන උත්පාදන යන්ත‍්‍ර එකක් හෝ දෙකක් නතර කර ඉන්ධන භාවිත කොට විදුලිය නිපදවිය හැකි විකල්ප විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කරන බවද ඒ මහතා කීය.

එලෙස ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීමේදී අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම ඊළඟ කාරණය බවත් ගල්අඟුරු මගින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15 ක් පමණ වනවිට ඞීසල් බලාගාරයකින් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ඉක්මවන බවද ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට වසරකට ගල්අඟුරු ටොන් ලක්‍ෂ 20 ක් පමණ අවශ්‍යය.

මේ අවස්ථාවේ යළි ටෙන්ඩර කැඳවූවත් ගල්අඟුරු ගොඩබෑමේ ගැ’ටලූව මෙන්ම ගල්අඟුරු මිල ඉහළයෑම හා හි’ඟය නිසා එයද ගැ’ටලූකාරී වී ඇති බවද ඒ මහතා කීය.

ලබන වසරේ අපේ‍්‍රල් මාසයෙන් පසු ඔක්තෝබර් දක්වා කාලයේදී වාරකන් නිසා ගල්අඟුරු ගොඩබෑම කළ නොහැකිවීමෙන් දැනට බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් අපේ‍්‍රල්වලට පෙර ගෙන්වා ගැනීමට සිදුව ඇත.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගන්නා ක‍්‍රමවේදය වන්නේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරුවලින් සියයට පනහක් වාර්ෂික ටෙන්ඩර් කි‍්‍රයා පටිපාටියට අනුව මිලදී ගැනීමය. ඉතිරි සියයට පනහ මිලදී ගන්නේ ක්‍ෂණික මිලදී ගැනීම් යටතේය.

ඉකුත් දින පනහක කාලයේ දී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබූ ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් මිලදී ගැනීමට අදාළව කැඳවූ ක්‍ෂණික මිලදී ගැනීම් ටෙන්ඩරය අ’හෝසිවීම නිසා මෙම ගැ’ටලූව නිර්මාණය වී ඇත.

ගල්අඟුරු හි’ඟය, මිල ඉහළ යාම, ඩොලර් හි’ඟය හා ටෙන්ඩර් වලට මිල ගණන් ඉදිරිපත් නොකිරීමේ ගැ’ටලූ මත ලබන වසරේ සිට මෙරට විදුලිබල අ’ර්බුදය උ’ග‍්‍ර අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ද අ’නතුරු අඟවා සිටී.

ශිරාන් රණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here