කොළඹ දැරියන් 3ක් ආගිය අතක් නෑ! තාත්තා පොලිසි යයි!

0

කොළඹ 12 පදිංචි බාල වයස්කාර දැරියන් තිදෙනකු අ’තුරුදන්ව ඇතැයි ඔවුන්ගේ පියා  ඊයෙ (08) පැ’මිණිල්ලක් ලැබුණු බව කෙසෙල්වත්ත පොලිසිය කියයි.

රීවිල් රථයකින් ඊයේ උදෑසන 8:00 ට පමණ ත්‍ නිවසෙන් පිටව ගොස් ඇති මෙම දරුවන් තිදෙනා මේ වනතෙක් නිවසට නොපැමිණි බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ඔවුන්ගේ පියා කෙසෙල්වත්ත පොලිසියේ කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙලෙස අ’තුරුදන්ව ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු සහ ඥාති සහෝදරියක වන අතර ඔවුන් තිදෙනා වයස අවුරුදු 13 – 15ත් වයස් වල පසුවන බව වාර්තා වේ .

මෙම දරුවන් තිදෙනා ඊයේ (08) පෙරවරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ සහ ගාලු මුවදොර පිටියේ ගැවසී ඇති බවට ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් පැහැදිලි වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වි’මර්ශනයක් ආරම්භ කර ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here