හෘද සැ’ත්කමක ට ලක්වී සිටි ගුරුවරියක් ගුරු උ’ද්ඝෝෂණයක් අතරතුර දී හදිසියේ අ’සනීප වී රෝහල් ගතකිරීමෙන් අනතුරුව මි’යයෑමේ පුවතක් වාර්තා විය.
මාතර, කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සංවිධානය කර තිබූ ගුරු වි’රෝධතාවයක ට සහභාගී වී සිටි ගුරුවරියක් ක්ලා’න්ත වී බිම ඇ’ද වැ’ටී ඇති අතර රෝහල් ගතකිරීමේ දී ඇය මි’යගොස් ඇත.
අද (09) සවස කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් තිබිය දී එම අ’වාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ.
එලෙස මි’යගොස් ඇත්තේ, දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 හැවිරිදි ගුරුවරියකි.
ඇය මීට පෙර හෘ’ද සැ’ත්කමකට මුහුණ දී දෙණියාය මුලික රෝහලේ මාසික සා’යනයට ද සහභාගී වන තැනැත්තියකි.
ඇ’ද වැ’ටීමෙන් අනතුරුව දෙණියාය මුලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඇය මි’යගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
ගුරුවරියගේ හදිසි ම’රණ පරීක්ෂණය අද දෙණියාය මුලික රෝහලේ පැවැත්වීමට නියමිත අතර කොස්මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ගුරු විදුහල්පති වැටුප් ගැ’ටලුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික වි’රෝධතා දිනයක් ලෙස නම් කළ අද දිනයේ ගුරු විදුහල්පති සංගම් දිවයින පුරා උ’ද්ඝෝෂණ රැසක් සංවිධානය කර තිබුණි.