‘එක පාරම සරාස් ගාලා ශබ්දයක් ඇසුණා. මුළු ගෙදරම පස්වලින් වැහිලා ගියා. මම කාමරයේ උළුවස්ස ළඟට ත’ල්ලු වුණා. මම නැගිටින්න හැදුවත් නැගිට ගන්න බැරිව ගියා’’ යැයි රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැ’ටීමේ සිද්ධියෙන් දිවි ග’ලවාගත් සුදත් මාරසිංහ පැවසුවේය.
රඹුක්කන දොඹේමඩ හරහා කුරුණෑගල මාර්ගයේ කැලෑ දඹුල්ල යටගල්දෙණිය ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (09 දා) අලුයම කන්දක් නාය යෑමෙන් නිවසේ සිටි කාන්තාවක් ගැහැණු දරුවන් දෙදෙනෙක් මි’යගොස් පිරිමි පුද්ගලයෙක් බ’රපතළ තු’වාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යටගල්දෙණිය කන්දේ කොටසක් ඊයේ (09 දා) අලුයම නාය යෑමකින් කන්ද පාමුල පිහිටා තිබුණු නිවස සම්පූර්ණයෙන්ම ය’ටවී ගියේය.
මෙම නිවස උළු සෙවිලි කර ඉදිකර තිබුණි. ගෙහිමියා කුලී වැඩ කරන්නෙකි. නාය යෑමට ලක් වූ නිවස ආසන්නයේ තවත් නිවස දෙකක් පිහිටා තිබිණ. නාය යෑමට ලක් වූ කන්ද කැලෑබද ප්රදේශයකි.
ඔහුගේ බිරිඳ 34 හැවිරිදි සුරංගී ලක්මාලිය. මෙම යුවලට 8 හැවිරිදි දියණියක් පමණක් සිටියාය. භාග්‍යා මාරසිංහ නම් දියණිය දැලිවල ප්‍රාථමික විද්‍යාලයේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය..
මොවුන් තිදෙනා මීට දින කිහිපයකට ඉහතදී රාජාංගණයේ පදිංචිව සිටින සුරංගි ලක්මාලිගේ වැඩිමල් සහොදරයාගේ නිවසට ගොස් යළි නිවසට පැමිණ ඇත්තේ පෙරේදා (08දා) දහවල් කාලයේදීය. රාජාංගණයේ සිට ආපසු රඹුක්කන බලා පැමිණීමට තිදෙනා සූදානම් වූ අවස්ථාවේ දී සුරංගිගේ සහොදරයාගේ 13 හැවිරිදි දියණිය ද දින කිහිපයකට ඔවුන් කැටුව ආවාය.
පසුව සිව් දෙනාම අධික වර්ෂාපතනය මධ්‍යයේ රඹුක්කන යටගල්දෙණිය නිවසට පැමිණෙන විට සවස දෙක පසු වී තිබුණි. අහල පහළ නිවසකටවත් නොගිය සුදත් මාරසිංහ සිය බිරිඳ සමග රාත්‍රි කෑම පිළියෙල කර රාත්‍රි 7 ට පමණ කෑම කා නින්දට ගොස් තිබුණි.
ඊයේ (09 දා) පාන්දර 4.30 ට පමණ අධික වර්ෂාපතනය පැවැති අවස්ථාවේ දී නිවසට ඉහළින් පිහිටා තිබුණු කන්ද නාය ගොස් නිවස යටවී ඇත. ඉන් සුදත් මාරසිංහ බේරී බිරිඳ වන සුරංගි ලක්මාලි, දියණිය වන 8 හැවිරිදි භාග්‍යා මාරසිංහ හා රාජාංගණයේ සිට පැමිණ සිටි 13 හැවිරිදි මදුෂිකා පාසල් ශිෂ්‍යාවද නිවසට යට වී තිබුණි.
එළිය වැ’ටෙමින් පැවැති අවස්ථාවේ දී සුදත් මාරසිංහ පස් කන්දට ය’ට වී සිටියදී ගම්වාසින් විසින් බේ’රාගෙන රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබුණි.
පසුව 611 බල සේනාවට අයත් 8 සිංහ රෙජිමේන්තුවේ භටයන් 32 රඹුක්කන යටගල්දෙණිය නාය ගිය ස්ථානයට පැමිණ පස් කන්දට ය’ට වී සිටි කාන්තාව හා දැරියන් දෙදෙනා සොයාගෙන රඹුක්කන රෝහලට රැගෙන යාමට කටයුතු කෙරිණ.
කෑගල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර එකකයේ ප්‍රතිකාර ලබන සුදත් මාරසිංහ සිද්ධිය ගැන විස්තර කළේ මෙලෙසිනි.
පෙරේදා (08 දා) රාජාංගනයේ ඉඳලා ගෙදර ඇවිල්ලා ආයේ කෙහෙවත් ගියේ නෑ. ඊට පස්සේ බිරිඳ රෑට උයලා අපි සියලු දෙනා කාලා නිදා ගන්න ගියා. බිරිඳයි දුවයි බිරිඳගේ අයියාගේ දුවයි එක කාමරයක හිටියා. මම ඊට අල්ලපු කාමරයේ නිදා ගත්තා.
මුළු රෑ පුරාම වැස්ස නිසා මට හරියට නින්ද ගියේ නෑ. මොකද ගෙට ඉහළින් තියෙන කන්ද නාය එයි ද කියලා මට සැ’ක හිතුණා. ඒ හින්දා මට හරියට නින්දක් ගියේ නෑ. මට හරියට මතක නෑ පාන්දර වෙන්න ඇති එකපාරට සාරාස් ගාලා ශබ්දයක් ඇසුණා. එක පාරට මුළු නිවසම පස් වලින් වැහිලා ගියා.
අපේ ගෙදර ළඟ තව ගෙවල් දෙකක් තියෙනවා. එක ගෙදරක අය කොහේ හරි ගිහිල්ලා හිටියා. මම හයියෙන් කෑ’ගැසුවා බේ’රාගන්න එන්න කියලා. නමුත් කාටවත් ඇහිලා නෑ. පස්සේ ටිකෙන් ටික එළිය වැ’ටීගෙන ආවා. පස්සේ ගමේ අය ආවා. ඒ අයට මම කිව්වා බිරිඳයි මගේ දුවයි බිරිඳගේ අයියාගේ දුවයි තව යට වෙලා ඇති ඒ අය ගැනත් හොයලා බලන්න කියලා කිව්වා. පස්සේ මාව ත්‍රිරෝද රථයකින් රඹුක්කන රෝහලට ගෙනවා. එතනින් කෑගල්ල මහ රෝහලට ගිලන් රථයකින් එව්වා..
දින දෙකක් තිස්සේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින අ’යහපත් කාලගුණ තත්ත්වය නිසා බොහෝ ප්‍රදේශවල විදුලිය වි’සන්ධි වී තිබුණි. අයහපත් කාලගුණ තත්ත්වය පැවැති නිසාත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඥාතීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අ’වදානය යොමු වී තිබුණේ උදෑසනය.
පසුව ප්‍රදේශවාසීන්ගේ සහ යු’ද හමුදාව රඹුක්කන පොලිසියේද සහයෝගයෙන් පස්කන්දට ය’ට වූ පිරිස සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර මව විසින් දරුවන් දෙදෙනා බධාගෙන සිටි බවත් නිවසේ ඇති අල්මාරි දෙකකට සිරවීම නිසා පියාගේ ජීවිතය ග’ලවා ගැනීමට හැකි වූ බවද ප්‍රදේශවාසීහු පවසති. එම ස්ථානයේ උල්පත් ජලය තවමත් ගලා ගෙන පැමිණෙමින් තිබෙන නිසා අ’වදානම පහව ගොස් නොමැති ආකාරයද දැක ගත හැකිය.