හිතුමතේ සල්ලි අච්චුගහල සිම්බාබ්වේට වෙච්ච දේ

0

ඩොලර් ට්‍රිලියනයකින් පාන් ගෙඩියක් ගන්න බැරි වූ සිම්බාබ්වේ .හිතුමතේ මුදල් print කිරීම නිසා අවසානයේ තම රටේ මුදල් ඒකකය අතහැර දැමීමට සිදුවූ රටක් තමයි සිම්බාබ්වේ.

කලින් රොඩේෂියාව නමින් හැඳින්වූ Zimbabwe 1980 වර්ෂයේදී නිදහස ලබා ගන්නවා ඒ අනුවයි ඔවුන් Zimbabwe dollar හඳුන්වා දුන්නේ ඇමරිකානු ඩොලර් එකක් Zimbabwe ඩොලර් එකකට සමාන වෙන විදියට.

ඇත්තටම වැඩිපුර සල්ලි අච්චු ගහන්න බැරිද? | Ceylon News Factory

නමුත් දුර්වල ආර්ථික කලමනාකරණය හමුවේ සිම්බාබ්වේ ආර්ථිකය කඩා වැටෙන්න ගත්තා…ඒ වන විටත් සිම්බාබ්වේ පැවති වැවිලි කර්මාන්ත වල අයිතිය බොහොමයක් තිබ්බෙ සුදු ජාතිකයන්ට…

රොබට් මුගාබේ නැමැති පාලකයා ජාති ආලය උලුප්පා එම වැවිලි කර්මාන්ත වලින් සුදු ජාතිකයන් එලවීමට පියවර ගත්තා.

රටක මුදල් අච්චු ගැසීම || ADA Online

ඒ අනුව එම ඉඩම් අල්ලාගත් පිරිසට ඒවා කලමනාකරණය කිරීමේ හැකියාවක් තිබ්බෙ නෑ මේ නිසා රටේ නිෂ්පාදනය තවත් අඩු උනා…විදේශ රටවල් ගණුදෙනු නැවැත්‍තුවා
මේ තත්වය උඩ රටේ භාණ්ඩ සේවා මිල නොනවත්වා ඉහල ගියා.

රටක මුදල් අච්චු ගැසීම || ADA Online

රජය ජනතාවට සහන දෙන්න මුදල් අච්චු ගැහුවා …ඒත් රජය නිෂ්පාදන වැඩිකරන්න කටයුතු කරේ නෑ…මේ නිසා ජනතාව අතර මුදල් සංසරණය වැඩි උනා…

2007 මුදල් අච්චු ගැසීම 1000ගුණයක් වැඩි උනා..2008 තවත් මුදල් අච්චු ගැසීම 1000 ගුණයකින් විතර වැඩි උනා…2009 සිම්බාබ්වේ අසමත් රාජ්‍යයක් උනා.

ඩොලර් ට්‍රිලියන එකකින් පාන් ගෙඩියක් ගන්න බැරි සිම්බාබ්වේ. – සේද මාවත

සිම්බාබ්වේ ඩොලර අගය 2009 වනවිට ඇමරිකානු ඩොලරයට හුවමාරුවන අනුපාතය වූයේ ඇමරිකානු ඩොලර් එකක් Zimbabwe dollar බිලියන 250 කටත් වඩා වැඩි අගයකිනි.

එදිනෙදා භාණ්ඩ මිලදී ගැනීමට වීල් බැරෝවල මුදල් ගෙනයාමට Zimbabwe වැසියන්ට සිදු විය. ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටු පවා මුද්‍රණය කරන්න ට එරටට සිදුවිය.

කිහිප වරක්ම Zimbabwe ඩොලර් ලක්ෂය එක රැයකින් ඩොලර් 1 එකකට අඩුකලද මුදලේ අගය කඩා වැටීම පාලනය කරගත නොහැකි වූ Zimbabwe රාජ්‍යය 2009 දී ඔවුන්ගේ මුදල් ඒකකය අතහැර දැම්මා.

පාන් ගෙඩියක් ඩොලර් ට්‍රිලියන 100යි.. බඩු ගන්න මිනිස්සු කරත්තෙන් සල්ලි අරන් යන සිම්බාබ්වේ - Sri lankan Ayurvedic Secret Blog

න්නේ වෙනත් රටවල් කිහිපයක මුදල් ය…සිම්බාබ්වේ වැසියන් අදටත් මහපාරේ හිගා කනවා…ඔවුන්ගෙන් බොහොමයක් ඒ රටේ කලින් ඉඩම් හිමි වැවිලිකරුවෝ..

ඉතිං අවසානයට සිම්බාබ්වෙට උන දේ ලෝකයේ කිසිම රටකට වෙන්න එපා කියල විතරයි කියන්න තියෙන්නෙ.

ඇත්තටම වැඩිපුර සල්ලි අච්චු ගහන්න බැරිද? | Ceylon News Factory

උපුටාගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here