නොච්චියාගම මෝලක හාල් කිලෝ තිස් දහසකට ය’ටවී මවක් මි’යයයි.

0

සහල් ගබඩා කළ විශාල ටැංකියක් පු’පු රා යාම නිසා සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් සිරුර ම’තට ඇ’ද වැ’ටී ඊට ය’ටවීමෙන් දෙදරු මවක් ජී’විතක්ෂයට පත්වී ඇති අතර සත්ව ආහාර සකසන එම ආයතනයට කිසිවකුට ඇතුල්වීමට නොහැකි වන ලෙස නොච්චියාගම පොලිසිය මු ද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ මුදිතාගම හිරියාලේගම නොච්චියාගම පිහිටි කුකුල් කෑම සකසන ආයතනයක සවිකර තිබූ සහල් ගබඩා කර වියලන ටැංකියේ පතුල ඉ’රියාම නිසා කාන්තාවට දිවි අ’හිමිවි තිබේ.

ඇය මුදිතාගම නොච්චියාගම ලිපිනයේ පදිංචිව සිටි 47 හැවිරදි දෙදරු මවක වූ වේලාගේ පුෂ්පකුමාරි නමැත්තියයි.

ම’රණයට පත්වූ කාන්තාව කලක සිට අදාළ පුද්ගලික ආයතනයේ කම්කරු සේවිකාවක වශයෙන් සේවයේ නිරත වී ඇති අතර ඇය සත්ව ආහාර සඳහා සහල් පිරිසිදු කර වියළන ඒකකයේ සේවයේ නිරත වී ඇති බව පරික්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

ඇය පිරිසිදු කළ සහල් වියළීම සඳහා යොදා ගන්නා ටැංකිය ආසන්නයේ සේවය කරමින් සිටියදී එහි පතුලට බර ද’රා ගැනීමට නොහැකිව ඉ’රී ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි කාර්මික ආයතනයකින් අදාළ ටැංකිය නිපදවා ඇති බවත් එහි සහල් කිලෝග්‍රෑම් 50000ක ප්‍රමාණයක් තැන්පත් කිරීමට හැකි බවට නිර්දේශ කර ඇතත් සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් ගබඩා කර තිබියදී පතුල ඉ’රී ගොස් හි ස ම’තට සහල් ප’තිතවී ඇය ය’ටවී ඇති බව පොලිසිය සිදුකළ පරික්ෂණවලදී අ’නාවරණය වී තිබුණි.

අඩි හයකට ආසන්න උසකින් යුතු සහල් තොගයට යටවූ කාන්තාව සේවකයින් විසින් විනාඩි 15ක පමණ කාලයේදී ඉවතට ගෙන ප්‍රතිකාර සඳහා නොච්චියාගම රජයේ රෝහලට රැගෙන ගොස් ඇතත් ඇය ඒ වනවිටත් මි’යගොස් ඇති බව රෝහල් වෛද්‍යවරයා සනාථ කර තිබුණි.

අඩි දහයක් පමණ උසින් සවිකර තිබූ ටැංකියේ පතුල ඉ’රීයන අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකු ස්ථානයේ සේවය කර තිබෙනා බව පොලිසිය සිදුකළ පරික්ෂණවලදී අ’නාවරණය වී තිබුණි.

එක් කාන්තාවක් ටැංකියේ පතුල ඉ රී සහල් බිමට පතිත​වද්දීම එම ස්ථානයෙන් ඉවතට පැ න දි’වි බේ’රාගෙන තිබෙනා අතර ම’රණයට පත්වූ කාන්තාව ටැංකිය සවිකර තිබූ ස්ථානයේ බිත්තිය ආසන්නයේ සේවය කිරීම නිසා ඇයට අ’නතුරෙන් බේ’රීමට අවස්ථාව නොලැබී ඇති බව පොලිසිය පවසයි.

අ’නතුරෙන් පසුව අදාළ ආයතනයට පරික්ෂණ අවසන් වනතුරු ඇතුළු වීමට නොහැකි ආකාරයට මු ද්‍රා තැබීමට පොලිසිය කටයුතු කර තිබුණි.

සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞෂලය මහතා විසින් මහෙස්ත්‍රාත් පරික්ෂණය පවත්වා කාන්තාගේ පශ්චාත් ම’රණ පරික්ෂණය පැවත්වීමට අනුරාධපුර ශි’ක්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නි’යෝග කළේය.

මි’යගිය කාන්තාවගේ පී.සී.ආර්. පරික්ෂණයේදී ඇයට කොවිඩ් 19 වයිරසය වැ’ලඳී ඇති බවට තහවුරු වූවත් සිරුර ආ’දාහනය කිරීමට අවසර ලබා නොදෙමින් ම’රණය මඩකලපුව ඕට්ටමාවඩි පිහිටි ඉස්ලාම් ආගමිකයන්ගේ සිරුර භූ’මිදානය කරනා සුසාන භූමියේ මි’හිදන් කරනා ලෙස විනිසුරුවරයා නි’යෝග කළේය.

අ’නතුර සම්බන්ධයෙන් සැ’ක පවතිනා බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්ථා කිරීම නිසා විනිසුරුවරයා අදාළ නි’යෝගය නිකුත් කර තිබුණි.

අදාළ ආයතනයේ සවිකර තිබූ සහල් වියළීමට යොදා ගන්නා ටැංකිය ඉ’රීයාම සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්ථාවක් කැඳවීමට නොච්චියාගම පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා විනිසුරුවරයා අවසර ලබාදුන්නේය.

( බුද්ධික මහේෂ් – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here