කන්ටේනරයක දිවි ගෙවූ පවුලක් ප’න්නා කන්ටේනර් පෙට්ටිය උස්සන් ගිහින්

0

කොල්ලුපිටියේ පිහිටි  ඉඩමක  කන්ටේනර් පෙට්ටියක පදිංචිව සිටි පවුලක්  අද  (11) අලුයම බ’ලහත්කාරයෙන්  ප’න්නා දමා ඔවුන්  පදිංචි  කන්ටේනර් පෙටිටිය  රැගෙන යාමේ  සිද්ධියක් සම්බන්ධයෙන්  සැ’කකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැ’කකරුවන් අතර දකුණු පළාතේ ප්‍රවෘත්ති මැවූ නගරාධිපතිවරයකුගේ පෞද්ගලික  ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම ඉඩමේ   අයිතිය සම්බන්ධයෙන්  දෙපාර්ශයක් අතර  ආ’රවුල්  පවතින බවත්, ඉඩමේ අයිතිකරු බව කියන පුද්ගලයා   එම  ඉඩමේ  කන්ටේනර් පෙට්ටියක් තුළ නිවසක් සකස්කරගෙන එහි වසර කිහිපයක් පුරා  දු දරුවන් සමග  ජීවත් වන බවට පැ’මිණිලි ලැබුණ බව පොලිසිය පවසයි.

අද  අලුයම 2.00 පැමිණ පිරිසක් මෙම නිවසේ හිමිකරු බව කියන පුද්ගලයා සමග ත’ර්ජනය කර  ගැටුම්ක්  ඇති අතරගෙන   එම පවුල  පදිංචි  ඉඩමින් ප’න්නා දමා ඔවුන් පදිංචිව සිටි කන්ටේනරය ද  බ’ලහත්කාරයෙක් රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට ලැබුණු පැ’මිණිල්ලකට අනුව  පොලිසිය පරීක්ෂණ පවත්වා  ඉහත සැ’කකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැ’කකරුවන් තිදෙනා එම ඉඩමේ තිබු කන්ටේනර් පෙට්ටිය ඉවත් කර  අලුත්  කන්ටේනර් පෙට්ටියක් එහි ගෙන ගොස් සැ’කකරුවන් තිදෙනකු  එහි පදිංචිව සිට ඇති බවද පොලිසිය පවසයි.

සැ’කකරුවන් විසින් මෙම ඉඩමේ තිබී  රැගෙන ගිය කන්ටේනරය දෙමටගොඩ කැටවලමුල්ල  ප්‍රදේශයේ   ක්‍රීඩාපිටියක  රඳවා තිබියදි ඊයේ පස්වරුවේ  පොලිසිය සොයාගෙන  ඇත.

එම කන්ටේනර් රථය  ප්‍රවාහන කර එම ස්ථානයේ දැමීම සම්බන්ධයෙන්  ද සැ’කකරුවන්  දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයක් ඇති බවට සැ’කකරන දකුණු පළාත් පුවත් මැවූ නගරාධිපතිවරයාගෙන් ද ඉදිරියේ සිද්ධිය සම්බන්ධයෙන්  ඒ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවද පොලිසිය කියයි.

( ඉන්දික රාමණායක – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here