බිරිඳට බෙන්ස් රථයක් තෑගී දුන් සැලූන් හිමිකරු ප්‍ර’හාරයකින් අවසන් ගමන් යයි.

0

කොළඹ 02, නවම් මාවත ප්‍රදේශයේ සුපිරි කොණ්ඩා සැකසුම් ආයතනයක් පවත්වාගෙන ගිය හිමිකරුවෙකුට අනුරාධපුර ප්‍රදේශයේදී එ’ල්ලවූ ප්‍ර’හාරයකින් ජි’විතක්ෂයට පත්ව තිබෙනවා.

නවම් මාවතේ පිහිටි Salon hisa care නම් කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු මෙලෙස ති’යුණු ආ’යුධ ප්‍ර’හා රයකට ලක්ව ජි’විත්ක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනුරාධපුරය, ඇලයාපත්තුව ප්‍රදේශයේ පිහිටි තරුණියකගේ නිවසට ගොස් ඇති අතර එහිදී එම තරුණියගේ සහෝදරයා සමග බ’හින්බස් වීමක් සිදුව ඇත.

පසුව එහිදී එම තරුණියගේ සහෝදරයා විසින් මෙම කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරුට ති’යුණු ආ’යුධයකින් ප’හරදී ඇති අතර එහිදී ඔහු මි’යගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම තරුණියගේ මව විසින් සඳහන් කර ඇත්තේ අදාළ කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු සමග කතා කරමින් සිටි දියණිය ” අයියා මාව බේ’රගන්න” කියමින් කෑගැ’සූ බවයි.

එහිදී තමන් ඇතුළු පිරිස දියණියව නිවස තුල රඳවා ගෙන සිටි බවත් ටික වෙලාවකට පසුව ගොස් බලන විට ව්‍යාපාරිකයා බිම වැ’ටී සිටින අයුරු දුටු බවයි.

ති’යුණු ආ’යුධයෙන් ප’හරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැ’කකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේදී මෙම කොණ්ඩා සැකසුම් ආයතනයේ හිමිකරු විසින් සිය බිරිඳගේ උපන්දිනය දා බෙන්ස් වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් තෑගී වශයෙන් ලබාදුන් අතර එය මෙරට සමාජ මාධ්‍ය තුල සිඝ්‍රයෙන් ප්‍රචලිත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here