මාඔය පිටාර ගැලීමෙන් යටවූ බව කියන කුකුල් ගොවිපළක මි’ය ගිය කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ පරිභෝජනයට නුසුදුසු නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් වළ දැමීමට 10 දා පස්වරුවේ කටයුතු කෙරිණි.
මාඔය පිටාර ගැලීමෙන් මීරිගම ප්‍රදේශයේ මස් පිණිස කුකුලන් ඇති කිරීමේ කුකුල් ගොවිපළක කුකුලන් එක්ලක්ෂ පහළොස් දහසක් පමණ මි’ය ගොස් තිබිණි.
ජල මට්ටම පහව යෑමෙන් පසුව මි’ය ගිය කුකුලන් නැවත විකිණීම පිණිස ලොරි රථවලට පටවන බවට මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද මහජන පැ’මිණිල්ලකට අනුව මීරිගම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මීරිගම පොලිසිය විසින් ව’ටලනු ලැබීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එහි යන විටත් ලොරි රථවලට මි’යගිය කුකුලන් පටවමින් තිබිණි. නිලධාරින්ගේ ප්‍ර’ශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා සිටියේ මෙම සතුන්වල දැමීම පිනිස රැගෙන යන බවයි. කෙසේ වෙතත් නිලධාරීන් නි’යෝග කළේ මි’ය ගිය සතුන් ගොවිපළෙන් පිටතට රැගෙන යෑමට නොහැකි බවයි.
ඒ අනුව අදාළ ගොවිපළ පිහිටි ඉඩමේ ජලය පිරීම නිසා වළවල් කැපීමට නොහැකි බව එහි කළමනාකාරිත්වය නිලධාරීන්ට දැනුම් දෙන ලදී. ඒ අනුව ගොවිපළ ආසන්නයේම ඇති ඉඩමක මිය ගිය කුකුලන් වැළලීමට ඉඩමේ හිමිකරු සමග සාකච්ඡාවකින් පසුව ඇතිකර ගත් එකඟතාවකින් පසුව ඒ සඳහා ස්ථානීය පරීක්ෂණයකින් පසුව නිලධාරීන්ගේ අවසර හිමිවිය.
පසුව නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් යුතුව කුකුලන් වළ දැමීම සිදු කරන ලදී. යම් හෙයකින් මෙම කුකුලන් වෙළෙඳ පොළට මු’දා හැරියේ නම් ගං වතුර උ’වදුරට වඩා විශාල ව්‍යස’නයක් සිදු වීමට ඉඩ තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි.
කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න