ජීවන සැරිය නිමකළ අව්‍යාජ කලාකරුවා..ගාමිණී සුසිරිවර්ධන පිළිබඳ අතීත මතකය (VIDEO)

0

ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අ’භාවප්‍රාත්ත විය.කලක් රෝ’ගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මි’යයන විට අවුරුදු 58 වැනි වියෙහි පසුවිය.

සුපර් ස්ටාර් සීසන් 2 ගාමිණී සුසිරිවර්ධන සමුගනී

එදා සිරස සුපර් ස්ටාර් හරහා රසික ආදරය දිනා ගනිමින් මුලු රටක් හදුනාගත් ගායකයෙකු ලෙස ගාමිණී සුසිරිවර්ධන හැඳින්විය හැක.ගායන කුසලතාවය මෙන්ම ඔහු තුළ නිරන්තරයෙන් තිබූ අව්යාජ සිනහව,අව්යාජ කතා විලාශය ඔහු ලාංකේය රසික හදවත් තුළ එදා මෙන්ම අද වනතුරුත් නොමැකුණු තරුවක් වීමට හේතු විය.

සිරස සුපර් ස්ටාර් තුළින් ජනප්‍රිය වූ ගාමිණි සුසිරිවර්ධන දිවියට සමුදෙයි

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පැමිණෙමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු “දන්නවද මම දුකින්” , “ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි”, “රතු මැණිකේ” ආදී ගීත ගණනාවක් ගායනා කළේය.

ජනප්‍රිය කලාකරු ගාමිණී සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි – Gossip King

ඔහු ‘මගෝ ඩිගෝ ඩයි’ චිත්‍රපටයට රංගනයෙන්ද දායක විය.ගාමිණි සුසිරිවර්ධන මහතා දෙදරු පියෙකි.

Mago Digo Dai - Wikipedia

ඔහුගේ දේහය බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ අද(14) සවස 4.00 සිට තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු හෙට(15) සවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

ගාමිණී සුසිරිවර්ධන කලාකරුවාගේ වියෝව හේතුවෙන් ඔහු සමඟ එදා සුපර් ස්ටාර් වේදිකාවේ ගී ගැයූ ගායකයින් බොහෝමයක් තම ශෝ’ක පණිවිඩය සමාජ මාධ්ය තුළ පළකර තිබුණි.

May be an image of 3 people and text

ඔහු ගැයූ දන්නවද මන් දුකින් යන ගීතය රසික හදවත් දැඩි ලෙස වැළඳගත් ගීයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here