බණමඩුව ළඟ බොන්න එපා කිව්වහම හාමුදුරුවන්ගේ නහය කැ’ඩෙන්න ග’හලා

0

සාමවිහාරයේ ධර්ම ශාලාව පිටුපස ම’ත් වතුර පානය කළ පොලිස් ස්ථානාධිපතිවරයකුගේ පුත්‍රයකු ඇතුළු තිදෙනෙකු එහි හිමිනමකට ප’හරදී තු’වාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (14දා) උදෑසන සැ’කපිට අත්අඩංගුව ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැ’මිණිලි අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල පදිංචි 18 හැවිරිදි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත එප්පාවල පිහිටි රජයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.

ඔවුන් අතර කොඩිකාමම් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා හා යුද හමුදා නිලධාරියකුගේ පුත්‍රයකු ඇතුළු තිදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

අත්අඩංගුවටගත් සැ’කකාර සිසුන් තිදෙනා ඊයේ (14දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ප’හරදීමට සැ’කකරන තරුණයන් තිදෙනා (12දා) සවස් කාලයේ විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල පිටුපස සිට ම’ත් වතුර පානය කර තිබෙන අතර ඒ පිළිබඳව විමසු අවස්ථාවේ හිමිනමට ප්‍’රහාරය එ’ල්ලවූ බව කියමින් පොලිසියට පැ’මිණිලි ලැබි තිබේ.

අනුරාධපුර මහනගර සභාව ඉදිරිපිට පිහිටි සාමවිහාරයේ වැඩවසන අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඉංග්‍රීසි ආචාරයවරයෙකු වන බුල්නෑවේ ධම්මික හිමියන් ප්‍ර’හාරයෙන් තු’වාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11 ප්‍රතිකාර ලබමින් සිටි.

උන්වහන්සේට තරුණයන් තිදෙනා එ’ල්ල කළ ප්‍ර’හාරයෙන් නාසය කැ’ඩි රු’ධි රය ව’හනය වූ අතර එක් අතකට හා හිසට ප’හරදීම නිසා තැ’ලුම් තු’වාල සිදුවි ඇති බව පොලිසියට ඉදිරිපත් කළ පැ’මිණිල්ලේ සඳහන්වේ.

ප’හරදුන් තිදෙනාගෙන් එක් අයෙකු සතුව තිබූ ජංගම දුරකථනය හිමිනම විසින් උ’දුරාගෙන නඩු භා’ණ්ඩයක් වශයෙන් පොලිස්ථානයට භාරදි තිබේ.හිමිනම පොලිසියට කළ පැ’මිණිල්ලේ සඳහන්ව ඇත්තේ යාපනය කොඩිකාමම් පොලිස්ථානයේ ස්ථානාධිපති බව කියන නිලධාරියාගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු තමන්වහන්සේට ප්‍’රහාරය එ’ල්ල කළ බවයි.

සවස් භාගයේ තරුණයෝ පිරිසක් විහාරස්ථානයේ කථා කරමින් ඉන්න හඬ ඇහුනා. ඒ පිරිස ධර්ම ශාලාවේ පිටුපස ම’ත් වතුර පානය කරමින් සිටියේ. මම ඇහුවා මොකද කරන්නේ කියලා. අපි අනුරාධපුර කච්චේරියට රියැදුරු බලපත්‍රය ගන්න ආවා කිව්වා.

මම මගේ ජංගම දුරකථනය ගන්න සංඝාවාසයට ආව. තරුණයන් තුන්දෙනා මා සමගම පස්සෙන් ඇවිල්ලා කිව්වා කාටවත් කථා කරලා මේ සම්බන්ධයෙන් කියන්න එපා කියලා. ඒ වෙලාවේ එක් තරුණයෙක් මට ද’රුණු විදියට ප’හර දෙන්න ගත්තා. ඔහු කිව්වා මගේ තාත්තා යාපනය ප්‍රදේශයේ පොලිසියක ස්ථානාධිපති කියලා. ඊට පස්සේ අනෙක් තරුණයන් දෙන්නත් ප’හර දුන්නායැයි බුල්නෑවේ ධම්මික හිමියෝ පැවසුහ.

ඒ වගේම නීතිය අතට ගන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. තාත්තා පොලිසියේ වුණාට තාත්තා හමුදාවේ ඔෆිසර් වුණාට කිසිම කෙනෙකුට නීතිය අතට ගන්න බෑ. මේ සිදුවීමට නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන්න යැයිද උන්වහන්සේ පැවසූහ.

ප’හරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා පොලිසියට පවසා ඇත්තේ විහාරස්ථානය පිටුපස කථා බස් කරමින් සිටියදි හිමිනම පැමිණ දුරකථනය උ’දුරා ගත් බවයි.

තමන් කිසිදු අවස්ථාවක ම’ත්පැන් පානය නොකළ බවත් සිදුවීමෙන් අනතුරුව සිය මව්වරුන් සමග පැමිණ හිමිනමගෙන් දෙපා නැමද සමාව ලබාගත් බවත් ඔවුන් පොලිසියට පවසා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here