හාම්පුතා මි’යගිය සො’වින් ගොනා දින තුනක් නොකා නොබී ඉඳලා

0

වසර 10ක පමණ කාලයක් කවා පොවා නාවා තමන්ව ආදරයෙන් රැක බලාගත් තම හාම්පුතා හදිසියේම මි’යගිය සො’වින් දින තුනක් පමණ නොකා නොබී ක’ලබල කර ඇති ගොන් නා’ම්බකු පිළිබඳව පුවතක් කටුගස්තොට යටිවාවල ඇටමුරුංගාගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.

මෙම ගොන් නා’ම්බාගේ හිමිකරු වන පී.ජී.ආරියදාස නමැති 62 හැවිරිදි පුද්ගලයා තම ගොන් කරත්තයෙන් මනාල යුවළක් කැන්දාගෙන යාමට සූදානම් සිටියදී හදිසියේම කරත්තය අසල බිම ඇ’ද වැ’ටී මි’යගොස් තිබේ.

මෙම පුද්ගලයා කරත්තය අසල බිම වැ’ටෙනවා දුටු මනාලයාගේ පාර්ශ්වයේ පිරිසක් ඔහු කරත්තය අසලින් ඉවතට ගැනීමට උත්සහකරමින් සිටියදී ගොනා එයට ඉඩනොදී ක’ලබල කර ඇති අතර පසුව එම පිරිස දැඩි පරිශ්‍රමයක් දරා කරත්තකරු එම ස්ථානයෙන් ඉවතට ගෙන මහනුවර ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත

මි’යගිය අයගේ පුතෙකු වන ප්‍රසන්න මධුසංඛ

‘තාත්තා මේ ගොන් නා’ම්බා එක්ක කරත්තෙන් දර විකිණීම කරන්න පටන් අරන් වසර 10 ක් විතර වෙනවා.දර විකුණනවා වගේම මඟුල් ගෙවල්වලටත් කරත්තේ අරන් යනවා. තාත්තා නැතිවුණු දවසේ ගෙදරින් උදේ අටට විතර කරත්තේ අරන් මඩුවට ගියා.

මඩුව ළඟ ඉඳන් තාත්තා කරත්තේ සරසලා තියෙනවා.තාත්තා මේ සතා හරිම ආදරෙන් රැක බලා ගත්තා.ඌ තාත්තට හරිම කීකරුයි. අපේ කරත්තේ බඳින ගොනාගේ ලස්සන අං දෙකක් තියෙන්නේ.වෙඩින් වලට කරත්තේ ගෙනියන දවසට තාත්තා කරත්තෙත් ගොනාත් ලස්සනට සරසනවා. අං දෙකටත් ලස්සන කොපු දෙකක් දානවා. ගොනා ඒකට හරි කැමැතියි.

තාත්තා රෝහලට අරන් ගියා කියල අපිට පණිවිඩයක් ආවා.පස්සේ අපි කරත්තේ ගේන්න කටුගස්තොට රණවන හන්දියට ආවා. ඒ වෙලාවේ බොහෝම ක’ලබලකාරි විදියට ගොනා හැසිරුණා. තාත්තා නැතිව එන්න කැමැති වුණේම නැහැ.අපි බොහෝම අ’මාරුවෙන් තමයි කරත්තය ගෙදරට අරගෙන ආවේ.

ගොනා පුදුම විදියට අ’කීකරුවෙලා හිටියේ.ගෙදර ගෙනැත් ගාලේ බැන්දා ඉන්පස්සේ කාටවත් ළඟට එන්න දුන්නේ නැහැ.පස්සේ අපි ලණු පොටවල් දෙකකින් දෙපැත්තට අල්ලලා බැන්දා.දවස් දෙකතුනක් කෑවේ බිව්වේ නැහැ.කවුරුවත් ළඟට යනවට කැමැති වුණේ නැහැ. බලාගත්තු අතේ බලාගෙන හිටියා.අපිට තාත්තා නැති වුණා වගේම ගොනාට වුණු දේ ගැනත් හරිම දු’කයි.

•විජේරත්න හල්ඔලුව-හාරිස්පත්තුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here