සැලියුට් එක වැරැදී තරුණයන්ගෙන් ගු’ටි කෑ රුමේෂ් නිදි යහනේදීම ජී’විතක්ෂයට

0

සැලියුට් ආචාරයක් නිසා තරුණ ජීවිතයකට ව’න්දි ගෙවීමට සිදුවීමේ අ’වාසනාවන්ත පුවතක් කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයේ හෙරිලියාවල අංක 817” ග‍්‍රාම නිලධාරී වසමේ බෝගහවත්ත ග‍්‍රාමයෙන් වාර්තා වේ.

පසුගිය 13 දා සවස හතට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් පසුදින (14 දා) අලූයම නිදි ඇඳේදීම මෙසේ ජී’විතක්ෂයට පත්වී ඇත්තේ හෙරළියාවල බෝගහවත්ත ග‍්‍රාමයේ පදිංචි රුමේෂ් රංගන (36) නමැති අවිවාහකයෙකි.

තම හිතවතුන් දුටුවිට දුරතියාම අතින් සැලියුට් කිරීම පුරුද්දක් කරගෙන සිටි රුමේෂ් රංගන නමැති අය” පසුගියදා සිය මිතුරෙකු සමග කුරුණෑගල නගරයේ සිට සවස් යාමයේ පාගමනින් නිවසට එමින් සිටි මොහොතේ මඟදී යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකුට සැලියුට් කිරීමේදී උ’රණ වූ යතුරුපැදිය ධාවනය කළ අය රුමේෂ්ට දිගින් දිගටම ප’හරදී ඇත.

එය වළක්වාලීම සඳහා එම ස්ථානයේ සිටි කීපදෙනකු රුමේෂ් අසල නිවසක කාමරයක දමා ආරක්ෂා කළත් එම තරුණයින් එම ස්ථානයටද පැමිණ නැවතත් ප’හරදී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

නිවසට පැමිණි රුමේෂ් තමන්ගේ ඇඟ රි’දෙන බව පවසා නිදාගත් බවත්” පසුදින මව ඔහුගේ කාමරයට ගිය විට ඇඳේ වැතිර සිටි අයුරු දැක 1990 ට දැණුම්දී ගිලන් රථය පැමිණියත්” මි’යගිය පුද්ගලයකු නිසා රෝහල්ගත කිරීම ප‍්‍රතික්ෂේප කර ඇත.

මො’ටවූ දෙයකින් උදරයට හා’නි සිදුවී ඇති බවත් ඔහුගේ එක් වකුගඩුවකට බ’රපතළ හා’නි සිදුවී වීම නිසා ම’රණය සිදුවී ඇති බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ වි’මර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් විසින් මෙම හදිසි ම’රණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ඉදිරියට පැවැත්වේ.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here