ගම්මු එකතු වී මංත්‍රීට යස පාඩමක් උගන්වයි.

0

ම’ත් වතුර පානය කර හි’රිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ව ප්‍රදේශවාසීන් විසින් කණුවක බැ’ඳ පොලීසියට බාර දෙනු ලැබූ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා.

පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන ඔහු , තවත් පිරිසක් සමග ගල්පාත ප්‍රදේශයට පැමිණ ම’ත් වතුර පානය කොට ප්‍රදේශවාසීන්ට හි’රිහැර වන පරිදි අ’ශෝභන ලෙස හැසිරී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව කොහු ලණු කැරලි කීපයක් ගෙන අසල ඇති විදුලි කණුවක ඔහුව බැ’ඳ දමා පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් ලබාදුන් ඇමතුමකට අනුව සැ’කකාර මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැ’කකාර මන්ත්‍රීවරයාව නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇති අතර , සිදුකළ පරීක්ෂණවලදී ඔහු ම’ත් වතුර පානය කොට සිටි බවට තහවුරුව ඇතැයි ද අනාවරණය කර තිබුණා.

සැ’කකරු අද (22) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here