ලබුනෝරුව කඳුපාගම ප්‍රදේශයේ නිවෙසක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් ඇයගේ දියණියද සමග පෙරේදා (20 වැනිදා) මංගල උත්සවයකට යමින් සිටියදී එසේ නොයන ලෙස අවවාද කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට ප’රුෂ වචනයෙන් බැ’ණවැදී ත’ර්ජනය කොට තිබෙන පුවතක් වාර්තා වේ.
අදාළ කන්තාව සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් ප’ලාගොස් සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වි’මර්ශන කටයුතු මේ වන විට ආරම්භ කොට ඇතැයි මොරගොඩ පොලිසිය පවසයි.
මෙලෙස ප්‍රදේශයෙන් පලාගොස් ඇත්තේ මොරගොඩ පොලිස් වසමේ කඳුපාගම, ලබුනෝරුව පදිංචි 45 හැවිරිදි කාන්තාවකි.
කාන්තාව හා එම පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකර ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා තිරප්පනේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එහි ගිය අවස්ථාවේදී නිවෙසේ කිසිවකු නොසිටි නිසා සිදුකළ සොයා බැලීමේදී ඇය හා ඇයගේ දියණියද සමග මංගල උත්සවයකට සහභාගි වීම සඳහා යතුරුපැදියෙන් යමින් සිට ඇත.
මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මංගල සාදයට නොයන ලෙසත් ආපසු නිවෙසට යන ලෙසටත් අවවාද කළ අවස්ථාවේදී මෙම කාන්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එලෙස බැ’ණ වැ’දී ඇති අතර මේ වන විට අදාළ කාන්තාව ප්‍රදේශයෙන් අ’තුරුදන්ව සිටී.
මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට ලක්කොට පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.
( කේ.එම්.එස් කරුණාරත්න – අරුණ )