දුරකතනයෙන් මිතුරු වූ මිතුරා ගෙදර ඇවිත් පෙත්තක්දී ම’ත්කර මාලයට වි’දලා

0

සියඹලාණ්ඩුව පොලිස් වසමේ මුතුකණ්ඩිය දෙවන ගම්මානයේ පදිංචි තරුණයකුගේ නිවසට පෙරේදා (21 වැනිදා) රාත්‍රී පැමිණි බදුල්ල ප්‍රදේශයේ තරුණයකු මිතුරාට ම’ත් පෙත්තක් ලබාදී ඔහුගේ ගෙලබැඳි රන්මාලය රැගෙන ප’ලාගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

පැ’මිණිලිකරු බදුල්ල ප්‍රදේශයේ තරුණයකු සමග කාලයක සිට දුරකථන මගින් මිතුදම පවත්වාගෙන ගොස් ඇති අතර පෙරේදා සවස ඔහු මුතුකණ්ඩිය ප්‍රදේශයේ නිවසට පැමිණ ඇත.

එකිනෙකා හඳුනාගෙන රාත්‍රී ආහාරය ගෙන නින්දට යන අවස්ථාවේදී බදුල්ලේ සිට පැමිණි මිතුරා පැ’මිණිලිකරුට ඖ’ෂධ වර්ගයක් යැයි පවසා පෙත්තක් පානය කිරීමට දී ඇත.

පසුව බදුල්ලේ මිතුරා ඔහුට අ’ස්වාභාවික ලිං’ගික අ’තවරයක් කිරීමෙන් අනතුරුව ඔහුද නින්දට ගොස් ඇත.

පසුදින උදේ පාන්දර අවදිවී බලන විට බදුල්ලේ සිට පැමිණි මිතුරා පිටව ගොස් ඇති අතර ඔහුගේ ගෙලේ තිබූ රන් මාලයද ගලවාගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇත.

එම රන්මාලයේ වටිනාකම රුපියල් 1,75,000 පමණ වේ.සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති ජී.එම්. බණ්ඩාර සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

කැලුම් ගුණතිලක -මොනරාගල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here