හදිසියේ මි’යගිය සුපිරි දස්කම් ඇති,රාජකාරිය අකුරටම කරපු බ්‍රීෂ්

0

“මෙයා හරිම සැ’රයි. පොලිස් නිලධාරියකු ද සපා කාලා තියෙනවා. එයා ළඟට කවුරුත් ලං වෙන්නේ නෑ. හැබැයි කොස්තාපල් ජයරත්න මහත්තයාට නම් ගොඩාක් කීකරුයි. මෙයාට පැවරුණු විශේෂ රාජකාරිය වුණේ ජනාධිපති, අගමැති ඇතුළු ප්‍රභූවරුන් පැමිණෙන උත්සව අවස්ථාවල ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි.

අපි කවුරුත් හැබැයි බ්‍රීෂ් සැර වුණාට හරිම ආදරෙයි. භාර දීලා තිබුණු විෂය පද්ධතිය අකුරටම කරපු සතෙක්. අපිට මේ සතා අහිමි වීම ගැන දුකයි. අපි ආයේ අලුතින් බල්ලෙක් පුහුණු කරගෙන මෙහෙට ගේන්න ඕනැ. මෙයාගේ වටිනාකම අපි තවම තක්සේරු කරලා නෑ. බ්‍රීෂ්ට දැන් ඉතින් පිං අනුමෝදන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’’යැයි නිට්ටඹුව පොලිස් නිල සුනඛ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඒ. ආර්. රත්නායක බ්‍රීෂ් ගැන මෙලෙසින් අදහස් දැක්වීය.

මෙසේ ජනතා සේවයට කැපවූ ආදරණීය පොලිස් නිල සුනඛයකු පසුගියදා දැයෙන් ඉතා අ’වසනාවන්ත ලෙස සමුගත්තේය.ඒ නිට්ටඹුව පොලිස් නිල සුනඛ අංශයේ සේවය කළ බ්‍රීෂ් නමැති “රොට් වයලර්’’ වර්ගයට අයත් සුනඛයෙකි. 2018 ඔක්තෝබර් (08 වැනිදා) මෙලොව එළිය දුටු බ්‍රීෂ් හෝකන්දර ප්‍රදේශයේ එක්තරා දානපතියකු විසින් මහනුවර අස්ගිරිය පිහිටි පොලිස් නිල සුනඛ මූලස්ථානයට පරිත්‍යාග කළේ ඉතා කුඩා අවදියේදීය.

පු’පුරණ ද්‍රව්‍ය සම්බන්ධව විශේෂඥ පුහුණුවක් අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේදී ලද බ්‍රීෂ් ප්‍රථමයෙන් සිය රාජකාරීමය කටයුතු සඳහා යොමු වූයේ කොළඹ උතුර වෙරළබඩ පොලිස් නිල සුනඛ අංශයටයි. ඉන් පසු 2020.06.26 දින නිට්ටඹුව නිල සුනඛ අංශයට ස්ථාන මාරුවක් ලද බ්‍රීෂ් මිය යන මොහොත දක්වාම අමිල සේවයක් මුළු ගම්පහ පොලිස් කොට්ඨාසයටම සිදු කරනු ලැබීය.

නිට්ටඹුව නිල සුනඛ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඒ. ආර්. රත්නායකගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ජයරත්න යටතේ බ්‍රීෂ්ට සේවය කරන්නට සිදුවිය.

පු’පුරණ ද්‍රව්‍ය පිළිබඳව ති’යුණු ඉවක් තිබූ බ්‍රීෂ් හට ඕනෑම තැනක සඟවා ඇති පු’පුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ දක්ෂතාවක් තිබූ බව පොලිස් නිල සුනඛ අංශයේ ස්ථානාධිති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක පැවසීය.

අධිවෙගී මාර්ගය ඔස්සේ සිදුවන විවිධ ජා’වාරම් පිළිබඳවද නියම සංඥා ලබාදීමට තරම් දක්ෂ වී ඇත. බ්‍රීෂ් ගම්පහ පොලිස් කොට්ඨාසය තුළ සිදු වූ බොහොමයක් පු’පුරණ ද්‍රව්‍ය සම්බන්ධ අ’පරාධමය සිද්ධීන්වලදී වි’මර්ශන කටයුතු වෙත විශේෂ දායකත්වයක් සැපයීය.

මි’ය යන අවස්ථාව දක්වාම බ්‍රීෂ් විසින් තම අවුරුදු 1යි මාස 10 සේවා කාලය තුළ පැවරූ රාජකාරී 75ක් සිදු කිරීමට දක්ෂ වී ඇත. ඒවා අතර පසුගියදා මීරිගමදී මි’ය ගිය පා’තාල ක’ල්ලි නායක කොස්ගොඩ තාරකගේ ම’රණය සම්බන්ධයෙන් සිදුකළ වි’මර්ශනවලදී ද ආ’යුධ සොයා ගැනීම් හා වෙනත් පු’පුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා බ්‍රීෂ් අනුපමේය සේවයක් සිදු කර ඇත.

“මේ සිද්ධිය සිදු වුණේ පසුගිය 21 වැනිදා. පොලිස් කොස්තාපල් ජයරත්න නැත්නම් මෙයාව හසුරවන්නා පසුගිය (20 වැනිදා) තමයි නිවාඩු ගිහිල්ලා ආවේ. එදා මෙයාව අපි පුහුණු කිරීම් කටයුත්තක යොදවලයි හිටියේ. එහිදී හදිසි අස’නීප තත්ත්වයක් පෙන්නුම් කෙරුවා. අත්තනගල්ල රජයේ පශු වෛද්‍ය නිලධාරීතුමා ඇවිල්ලා අවශ්‍ය ප්‍රතිකාර කළා.

නමුත් රාත්‍රී වෙද්දී අ’සනීප තත්ත්වය උ’ග්‍ර වුණා. අපි තවත් පශු වෛද්‍ය වරයකුගෙන් ප්‍රතිකාර කළා. නමුත් අ’වාසනාවකට එදා උදේ බ්‍රීෂ් අවසන් ගමන් ගිහින් තිබුණා.

බ්‍රීෂ් මි’ය යන විට වයස අවුරුදු 3යි මාස 10කි. බ්‍රීෂ්ගේ සිරුර මේ වන විට පශ්චාත් ම’රණ පරීක්ෂණය සඳහා පෙරාදෙණිය පශු වෛද්‍ය පිඨය වෙත රැගෙන ගොස් ඇති අතර පශ්චාත් ම’රණ පරීක්ෂණ තීන්දුව ලැබීමට නියමිතව ඇත. බ්‍රීෂ්ට පිං අනුමෝදන් කිරීමේ විශේෂ පින්කමක් සිදු කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here