ලිප ගාවට යන අපේ අම්මලාට ගෑස් දෙවිඳු කරුණාවයි..ආරක්ෂාවයි.

0

අපේ රටේ මිනිස්සු මාර පව්..එහෙම කිව්වම අපිත් පව්.මොකද අපිත් මේ රටේ මිනිස්සුනෙ.අපිට අපේ දාහක් ප්රශ්න පැත්තකට දාල දැන් තියෙන්නෙ ජීවිතේට නොතිබිච්ච ප්රශ්නවලට උත්තර හොයන්න.මහජනතාව විදියට අපි හැමෝටම කාලෙන් කාලෙට එක එක ප්රශ්න එනව.ඇත්තටම එනව නෙමේ එවනව.මොකද ඒ ප්රශ්න එක්ක පාලකයො කරන පිස්සු වැඩත් අමතක වෙනව.ඒක නිසා අපේ ප්රශ්න අපිට අමතකවෙලා කාලෙන් කාලෙට අපේ ඔලුවලට පාත්වෙන ඒ ඒ ප්රශ්න වලට උත්තර හොයන්න තමයි අපිට දැන් සිද්ද වෙලා තියෙන්නෙ.අලුත්ම ප්රශ්නය ගෑස් ප්රශ්නය.

පහුගිය කාලෙ පුරාම මිනිස්සු ගෑස් එකක් හොයාගන්න පෝළිම්වල හිටියෙ අව්ව වැස්ස සතපහකට ගනන් ගන්නෙ නැතුව.කොහොම හරි ගෑස් එකක් ගෙනියන්න.දැන් කියලත් වෙනසක් නෑ.කඩවල් වල ගෑස් නෑ.කොහොම හරි ගෑස් ගත්ත කියමුකො.දැන් මාර වැඩේ.දැන් ගෑස් එක පත්තුකරන්න බයේ ඉන්නෙ.ඇයි දෙයියනේ හැමදාම අහන්න ලැබෙන්නෙ අතන ගෑස් පි’පිරිලා,මෙතන පි’පිරිලා ගාන නිව්ස්නෙ.මිනිස්සු පුදුම බ’යකින් දැන් ගෑස් ලිප ගාවට යන්නෙ.

අන්න ඒකයි අපේ මිනිස්සු පව් කිව්වෙ.නෑ අපි පව් කිව්වෙ.අන්ත දුක් විදල පෝළිම් වල ඉදල මිනිස්සු එක්ක වාද කරල කොහොමහරි ගෙනාපු ගෑස් එකෙන් ලිප පත්තු කරන්නත් දැන් මිනිස්සු බයයි.ගෙවල්වල උයන්නෙ අපේ අහිංසක අම්මල,කාන්තාවො.ඒ අයගෙ ජීවිත මාර අ’වදානම් වෙලා.දැන් අම්මල උයන වෙලාවට පොඩි එවුන්ට කුස්සියට එන්න දෙන්නෙ නෑ.ඒ තරමට බයෙන් ඉන්න වෙලා තියෙන්නෙ.

කවුද මේවට වගකියන්නෙ.කවුරුත් නෑ.එයාල එක එක්කෙනාට බෝලෙ පාස් කරනව.තවත් අය කියන විදියට ඕව සාමාන්ය දේවල්.තවත් අය කියන විදියට එකක් දෙකක් පි’පිරුනාම අවුලක් නෑලු.කට්ටිය තරඟෙට බොරු කියනව..වාර්තා ගන්නව කියනව.හැබැයි ඔය හැම වාර්තාවකම අවසානෙට එයි කිසි අවුලක් නෑ කියල.අන්තිමට ඕකෙ වැරැද්දත් අපේ.මොකද එයාල අනිවාර්යයෙන්ම කියනව මිනිස්සුන්ගෙ නොසැලකිල්ල නිසා තමා මේව උනේ කියල.

අපේ රටේ පාරිභෝගික අයිතීන් වෙනුවෙන් ආයතන තියෙනව,ප්රමිති ආයතන තියෙනව.ඔව් තියෙනව…තියෙනව නමට.බලන් යනකොට ඒවගෙන් සත පහකට වැඩක් වෙන්නෑ.හැමදේම වෙන්නෙ මුදලාලිට ඕන ඕන විදියට.කොම්පැණිකාරයින්ට ඕන විදියට.හිතූ හිතූ ගණන්වලට බඩු විකුණනව.කමක් නෑ කියමුකො..වැඩේ කියන්නෙ ඒවගෙත් ප්රමිතියක් නෑ.මතක ඇතිනෙ ටික කාලෙකට කලින් මුලු රටේම ආන්දෝලනාත්මක මාතෘකාව ඇෆ්ලටොක්සින්.පි’ළිකාකාරක සහිත පොල්තෙල්.දැන් මතකත් නෑ.හැමදේම එහෙම තමා.

මතකද ඒ කාලෙ ප්රමිති ආයතනයේ ලොකු නෝන කිව්ව ඔය චුට්ටක් ව’හ කෑවට ප්රශ්නයක් නෑ කියල…දැන් ගෑස් ප්රශ්නෙටත් කියන්න තියෙන්නෙ ඒ ටික තමා.ඔය ගෑස් එකක් දෙකක් පි’පිරුණාට ප්රශ්නයක් නෑ..අනික පහුගිය දවස්වල ගෑස් පෝළිම්වලට හිටපු මිනිස්සු දැන් නෑ නේ.නිව්ස් වල පෙන්නන්නෙත් නෑ නේ.ඒකම මැදෑ…මේව මොළ නෙමේ..මොළ ගෙනාපු නැව්.

සටහන – ජයශාන් සැමුවෙල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here