ඇඩ්‍රස් අහන්න ඇවිත් ගෙවල්වලට සුද්දයක් දුන්න ක’ල්ලියට ඇඩ්‍රස් නැතිවෙයි.

0

ගලහ පොලිස් වසම තුළ පසුගිය දින කිහිපයක් පුරා සො’රකම් රැසක් කළ සොර ක’ල්ලියක ප්‍රධාන සො’රුන් දෙදෙනෙකු ඊයේ දින (28දා) දහවල් අත් අඩංගුවට ගැනීමට ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් සමත් වී ඇත.

පසුගිය කාලය තුළ ගලහ පොලිස් වසමට අයත් නෙල්ලිගොල්ල ගබඩාගම දෙල්තොට නවනැලිය ආදී ප්‍රදේශ රැසක නිවාස කො’ල්ලකෑම් හයක් පමණ මෙම සො’ර ක’ල්ලිය විසින් සිදුකොට ඇත.

වයස අවුරුදු විස්සත් විසි තුනත් අතර තරුණයින් තිදෙනෙකු විසින් මෙම කො’ල්ල කෑම් සිදුකොට ඇත. එම ගම්මානවලට ගොස් නිවාසවල ලිපිනයන් පෙන්වා එම නිවාසවලට යන මාර්ගයන් අසන අකාරයෙන් ගම්වල සැරිසරා ඇත.

එහිදී නිවාසවල පුද්ගලයින් නොමැති අවස්ථාවල නිවාස තුළට රිංගා ස්වර්ණාභරණ මුදල් වැනි වටිනා දේ සො’රකම් කොට ඇත.

මෙවැනි සො’රකමක් කිරීමේදී එම නිවැසියන් පැමිණ ඇති විට මෙම සො’රකල්ලිය පැනගොස් ඇත. ගමේ සියලුදෙනා එක්වී ගම වටකොට ගලහ පොලිසියටද දන්වා යුහුසුළුව කළ වැ’ටලීමක් මගින් මෙම සො’රකල්ලිය අල්ලා ගැනීමට හැකිවී තිබේ.

සැ’කකරුවන් හේවාහැට හා උනුවින්න ප්‍රදේශවල පදිංචි තරුණයන් වන අතර මොවුන් ම’ත් ද්‍රව්‍ය භාවිතයට හුරුවූවන් බව ප්‍රදේශවාසිහු පවසා සිටී. අත් අඩංගුවට පත්වීමෙන් පසු ඔවුන් අත තිබූ රන් තැල්ලක් හා වටිනා ඔරලෝසුවක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සො’රකල්ලියට සම්බන්ධ තව පුද්ගලයෙකුද පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට නියමිතය.

සැ’කකරුවන් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදරගේ මෙහෙයවීම මත අ’පරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණසේකර, පොලිස් සැරයන් රණසිංහ, පොලිස් කොස්තාපල් හේරත් ඇතුළු නිලධාරි කණ්ඩායමක් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

කුමාර වික්‍රමාරච්චි – හේවාහැට (අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here