ති‍්‍රරෝදය වෙනත් වාහනවල ගැ’ටීමට සලස්වා රියැදුරන් බියගන්වා මුදල් ගන්නා ජා’වාරමක්

0

ත‍්‍රිරෝද රථය මාර්ගයේ ධාවනය වන වාහනවල වුවමනාවෙන් ගැ’ටීමට සලස්වා අ’නතුරක් සිදුවූ බව පවසමින් රියැදුරන් බි’යගන්වා වං’චා සහගත ලෙස බ’ලහත්කාරයෙන් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අ’පරාධ විමර්ශන අංශය කියයි.

සැ’කකරු ඒ සඳහා යොදාගත් ති‍්‍රරෝද රථය සහ අඩි තුනක් පමණ දිගැති මු’ගුරක් පොලිසිය භාරයට ගෙන ඇත.ඉකුත් කාලය පුරා සමාජ මාධ්‍යයෙන් ප‍්‍රචාරය වූ මෙවැනි සිද්ධීන් කීපයකට අවශ්‍යව සිටි පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා විසින් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව එම උපදෙස් මත එහි වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප‍්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සැ’කකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කිස්ස බඩෝවිට ප‍්‍රදේශයේ දීය.

සැකකරු මේ ආකාරයෙන් කොහුවල, දෙහිවල,පිළියන්දල ආශ‍්‍රිත පොලිස් වසම්වල ති‍්‍රරෝදයෙන් සැරිසරමින් ඉකුත් මාස දෙකක කාලය තුළදී සුඛෝපභෝගී වාහනවල පහළොස් වතාවක් ගැ’ටී වාහන රියැදුරන්ගෙන් රුපියල් තුන්ලක්ෂ 4800 ක මුදලක් වං’චා සහගත ලෙස ලබාගෙන තිබූ බව සැ’කකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම වාහන පසුකර ඉදිරියට ගොස් එකවරම වම් දෙසට හෝ දකුණු දෙසට ත‍්‍රිරෝදය හරවා එම වාහනය ති‍්‍රරෝදයේ පිටුපස ගැටීමට සලස්වා රථයට අ’ලාභානි මෙන්ම ඔහුටද තු’වාල සිදු වූ බව පෙන්වා රථයේ තිබෙන මුගුරත් අතට ගෙන වාහනයේ රියදුරු අසලට ගොස් බි’යගන්වා අ’නතුරින් තමන්ට තු’වාල සිදු වූ බව පවසමින් පොලිසියට නොගොස් සමථයකට පත් වීමට යැයි පවසමින් බ’ලහත්කාරයෙන් මුදල් ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.

සැ’කකරු හෙ”රො යින් ග‍්‍රෑම් 10 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියේ අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිට මීට මාස දෙකකට ඉහතදී ඇප මත පැමිණ මෙයාකාර වං’චා සහගත ලෙස බ”ලහත්කාරයෙන් මුදල් ඉපැයීමේ ජා’වාරමේ යෙදී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

සැ’කකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කොහුවල පොලිසිය වෙත භාර දී ඇත.

කැස්බෑව – ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here