බද්දේගම වෑනියරවෙල ප්රදේශයේ පෙරේදා (30 වැනිදා) උදෑසන චූන් පාන් අලෙවි ජංගම රථයකින් පාන් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයකු සහ රථයේ හිමිකරු අතර ඇතිවූ ආ’ර වුලකින් දෙදෙනාම තු”වාල ලබා රෝහල්ගත කර ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.
මෙසේ තු”වාල ලබා ඇත්තේ බද්දේගම වෑනියරවෙල ප්රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයකු සහ ජංගම අලෙවි රථයේ රියැදුරු වන බද්දේගම දොඹගෙදරවත්ත ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකි.
මෙදින පෙරවරුවේ අදාළ පුද්ගලයා පාන් මිලදී ගැනීම සඳහා ජංගම රථය නවතා පාන් ගෙඩි දෙකක් රැගෙන මුදල් ගෙවන අවස්ථාවේදී ගෙඩියක නව මිල රුපියල් හැත්තෑවක් යැයි පැවසූ විට එම මුදල ගෙවීමට ප්රතික්ෂේප කළ අවස්ථාවේ දෙදෙනා අතර ඇතිවූ බ’හින් බ’ස්වීම ප”හරදීමක් බවට පත්ව ඇත.
එහිදී දෙදෙනා අතර සිදුවූ ප”හරදීම් හේතුවෙන් දෙදෙනාම බ’රපතළ තු”වාල ලබා බද්දේගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමුකර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ චූන් පාන් ජංගම අලෙවි රථය පොලිස් භා’රයට ගෙන ඇත.