වෙඩින් එකට ආපු කෙනෙක් මනාළියගේ ෆෝන් එක උස්සල

0

ජයට මඟුල් කන්නට සිටි බොහෝ අයට එසේ කිරීමට නොහැකි වූයේ කොවිඩ් වසංගතය නිසාය.දිනෙන් දින මංගල උත්සවය කල් ගියේය.එහෙත් සෞඛ්‍ය නීතිරීති ලිහිල්වීමත් සමඟ මනාල යුවළක් සැලසුම් කරගත් පරිදි පසුගිය දිනක ඌරුබොක්ක නගරයට ආසන්න ප්‍රසිද්ධ උත්සව ශාලාවක මංගල උත්සවය සංවිධානය කෙරිණ.

ඇරයුම් ලැබූ දෙපාර්ශවයේ නෑදෑයින් හිත මිතුරන් බොහෝ පිරිසක් උත්සවයට පැමිණියහ.සුපුරුදු පරිදි නැටුම් ගැයුම්වලින් උත්සවය වර්ණවත් වූ අතර මනාලිය සහ මනාලයාද අනෙක් පිරිස සමඟ විටින් විට නර්තනයටද එක්වූහ.ඒ අතර නෑ හිත මිතුරන් සමඟ සෙල්ෆි ජායාරූප ගැනීමට මනාලිය අමතක නොකළාය.

සවස් වන විට මනාල යුවළ කාර්යබහුල විය.නෑදෑ හිත මිතුරන්ට සමුදීමට සූදානම් වූ නිසා මනාලිය මොහොතකට තම ඇතැති ජංගම දුරකථනය පසෙකින් තැබුවාය.ක්‍රමයෙන් උත්සවයට පැමිණි පිරිස් නික්ම ගොස් තිබුණි.මනාල යුවළශ මධුසමයට යාමට සූදානම් විය.මනාලියට කිසියම් අඩුවක් දැනුණි.

හිටි හැටියේ ඇයට ජංගම දුරකථනය මතක් වූවාය.මධුසමයට යෑමට පෙර ඇය කලින් දුරකථනය තැබූ තැනට පිය නැගුවාය.මනාලියට දොලොව රත්වූයේ එවිටය.දුරකථනය තැබූ තැන එය නොතිබිණි.ඒ මේ අත යමින් දුරකථනය සොයන්නට යුහුසුළු වූවාය.එහෙත් එය සොයා ගැනීමට නොහැකි විය.

අනේ මගේ ෆෝන් එක නෑ.කවුරු හරි අරගෙන ගිහිල්ලා.මගේ ෆෝන් එකේ හොඳ පොටෝ ටික යැයි ක’ඳුලු බර දෙනෙතින් ඇයට කියවිණි.

මේ ගැන විදුලි සංදේශ හා නියාමන කොමිසමට පැමිණිලි කිරීමට උත්සවය අවසානයේ ඔවුන්ට සිදුවිය.

ජයන්ත ගුණවර්ධන – ඌරුබොක්ක (අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here