ප්‍රී ෂූටින් අස්සේ මනාලියගෙන් ගු’ටි පූජාවක්

0

තරුණ යුවළකගේ විවාහයට පෙර ඡායාරූප ගැනීමේ යෙදුණු ජායාරූප ශිල්පියකු හොර රහසේ මනාලිය වීඩියෝ කරන්නට යාමෙන් මනාලියගේ ගු’ටි බැ’ට ප්‍ර’හාරයකට ගො’දුරු වූ පුවතක් බස්නාහිර පළාතේ නගරයක උද්‍යානයකින් පසුගියදා වාර්තා විය.

විවාහය ලියා පදිංචි කළ තරුණ යුවළකි. විවාහයට දින නියම කර ඇත. නවතම යුගයේ හැඩ ගැස්ම අනුව ඊට පෙර යුවළගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදිණි. ජායාරූප හා වීඩියෝ කිරීමට ආ ශිල්පීහු විවිධ ඉරියව්වලින් දෙදෙනාගේ ඡායාරූප ගත්හ.

එක් අයෙක් මනාලයාට හා මනාලියට ඡායාරූප ගැනීම සඳහා වන ඉරියව් පෙන්වීය. යුවළ ඒ අනුව කටයුතු කරන්නට වූයේ සතුටිනි. මේ අතරේ ඡායාරූප ශිල්පියාගේ සහායකයා ද ජංගම දුරකතනයෙන් ඒ අවස්ථා ලබාගනු ලැබීය. මනාලයා ඉදිරියෙන් සිටිය දී මනාලිය සිටියේ පසු පසිනි.

එක්වරම  මනාලියගේ හඬ ඇසිණි. අතපය විසි කරන බව ද පෙනිණි.මනාලයා පිටුපස බැලීය. මනාලිය සහායකයාට පෙ’රළාගෙන ප”හරදෙනු දුටුවේය.

මේ මිනිහා හො’රෙන් මගේ …..  වීඩියෝ කරනවා මම දැක්කා. මනාලිය මනාලයාට පැවසුවේ හ’ඬමිනි. මනාලයා සහායකයා අත වූ ජංගම දුරකතනය උ’දුරා ගනිද්දී එහි දර්ශන මකා දමන්නට සහායකයා උත්සාහ ගත්තේය.

මනාලයා ද ප’රාජය බාර ගැනීමට සූදානම් නොවීය. දුරකතනය  උදුරාගෙන පිරික්සද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවක දී වෙනත් කතුන්ගේ රහස් පෙදෙස් වීඩියෝ කර ඇති දර්ශන දැකීමත් සමග මනාලයාගෙන් ද ගු’ටි පූජාවක් එ’ල්ල විය.

කරකියා ගත දෙයක් නැතිවූ ඡායාරූප ශිල්පියා යුවළගෙන් සමාව ඉල්ලීය.නීතිමය පියවරකට නොයන ලෙස ඉල්ලා සිටි ඔහු සහායකයා ඉවත් කර වෙනත් පිරිසක් යොදවා මංගල උළෙල නොමිලේ ඡායාරූප ගතකර දීමට පොරොන්දු වූයේ සිද්ධිය පැතිර ගියහොත් තමන්ගේ වෘත්තීය ජීවිතය වි’නාශ වෙන බව දන්නා නිසාය.

ඒ සමගම සහායකයා ළඟට කැඳවා කම්මුල් ප’හර කීපයකින් සංග්‍රහ කර ප’ලවා හැරියේ යළි ඇසට පෙනෙන්නටවත් නොඑන ලෙසට දන්වමිනි.

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here