බැංකු නිලධාරිනියගේ ව’රදක් නිසා කොළඹ පදිංචි විදේශීය ජාතික කාන්තාවකගේ බැංකු ගිණුමට බද්ධවී එම ගිණුමින් රුපියල් හතළිස් පන්ලක්ෂ අසූ දහසක් (4,580,000) මාර්ග ගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින්) වංචනිකව ලබාගත් පෙම්වතුන් යුවළක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල මකුලුව පදිංචි පෙම්වතිය සහ අක්මීමණ ආනන්ගොඩ පදිංචි ඇයගේ පෙම්වතාය.
කොළඹ, කුරුඳුවත්ත පදිංචි විදේශීය ජාතික කාන්තාව පෞද්ගලික බැංකුවක තම ගිණුම පවත්වාගෙන ගොස් ඇති අතර එම බැංකුවේ නිලධාරිනියකගේ අතපසු වීමකින් ගාල්ල පදිංචි සැ’කකාරියගේ ගිණුම හා බද්ධ වී ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු එම බැංකුවේ ප්‍රධාන කාර්යාලය විසින් ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ වි’මර්ශන අංශයට පැ’මිණිලි කර ඇත. ඒ අනුව පොලිසිය සැ’කකරු හා සැ’කකාරිය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැතත්වීමේදී අනාවරණයවී ඇත්තේ සැ’කකාරියගේ බැංකු කාඩ් පතින් මෙම මුදල් ලබාගෙන දෙදෙනා බෙදාගෙන ඇති බවයි.
අදාළ බැංකු නිලධාරිනියගේ අතපසු වීමක් නිසා විදේශීය කාන්තාවගේ ගිණුමට සැ’කකාරියගේ ගිණුම බද්ධවී ඇති බවත් වැඩිදුරටත් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල (අරුණ)