රත්නපුරේ කාන්තාවක් වීදුරු කැටයකට රැ’වටී ලක්ෂ ගානක මාලෙ දන් දීල.

0

එකවර පොහොසත් වීමේ අවස්ථාවක් දෙවියන් විසින් උදා කර දුන් බවත්, තමන්ගේ වාසනාවට ලැබුණු මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු බවත් දෙවරක් නොසිතූ රත්නපුර නගරයට ආසන්න ගමක කතක් රත්නපුර පොළට ගිය අතරේ ව්‍යාජ මැණිකකට රැ’වටී පවුම් දෙක හමාරක රන් මාලයත් බඩු ගෙන ඒමට රැගෙන ගිය රුපියල් පන්දහසත් අහිමි කර ගත් අපූරු කතාවක් අරුණට වාර්තා වේ.

රත්නපුර මහජන පොළ පැවැත්වෙන්නේ ඉරිදා දිනවලය. මෙම කතාවට සම්බන්ධ කාන්තාව ඉරිදා දිනයන්හිදී පොළට යාම සිරිතක් කරගෙන තිබිණි. ඇය රැකියාවක් නොකළද ස්වාමිපුරුෂයාගේ රකියාවෙන් ලැබෙන වැටුපෙන් හා තේ ඉඩමෙන් ලැබෙන ආදායමෙන් දරු දෙදෙනාද සමග හොඳ පවුල් ජීවිතයක් ගත කළ තැනැත්තියකි

අගහි’ඟකම් අවම වුණත් ඇයටත් අනෙක් බොහෝ කාන්තාවන්ට මෙන් ඇයගේද සිහිනයක් වුණේ නවීන වටිනා වාහනයක්, නවීන නිවසකි. ඇය සතියේ සෑම දිනකම පාහේ ස්විප් ටිකට් මිලට ගත්තේ කොයි මොහොතේ හෝ වාසනාව පහළ වේ යැයි සිතමිනි.

පසුගිය දිනක ඇය රත්නපුර පොළට යමින් සිටි අතරතුර ඇය ගමන්ගත් බස්රථයේ ඇයගේ ආසනයේ අනෙක් පස සිටි මැදිවියේ කාන්තාවක් ඇය සමග ඉතා කුලුපග වූවාය. ඒ අතරතුර ඇය මෙම කාන්තාවට කිසි කෙනකුට නොපෙනෙන ලෙස රෙදි කැබැල්ලක ඔතා තිබූ නිල් මැණිකක් පෙන්නා කියා ඇත්තේ මෙය තමන්ගේ ඉඩමේ වළක් හාරන විට හමු වූ වටිනා මැණිකක් බවය. එය මැණික් වෙළෙන්දෙකුට විකුණා රුපියල් ලක්ෂ 75කට පමණ මුදල් ලබාගත හැකි බව කියා ඇත.

එයට මැණික හිමි කාන්තාව ඇයගේ සහයෝගයද ඉල්ලා සිට ඇත්තේ මැණික විකුණු පසු ඇයටත් කළ උදව්වට රුපියල් ලක්ෂ 15ක් දෙන බව පවසමිනි. ඇයට මෙය මහා වාසනාවක් ලෙස වැටහිනි. මේ අතරතුරු මැණික හිමි කාන්තාව ඇයට ඇසෙන සේ ඇයගේ ස්වාමිපුරුෂයාට කියා ඇත්තේ මෙම මැණික රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා වුවත් අද දින කෙසේ හෝ මෙය රුපියල් ලක්ෂ 10කට හෝ විකුණා අවශ්‍ය බඩු රැගෙන එන බවයි.

එය ඇසූ ඇය මැණික හිමි කාන්තාවට පවසා ඇත්තේ තමන්ට මෙය රුපියල් ලක්ෂ 10කට මිලට ගත හැකි බවයි. ඒ අනුව ඇයගේ ලිපිනය හා දුරකථන අංකය හා හැඳුනුම්පතේ පිටපතක් ඇයට දී පවසා ඇත්තේ විශ්වාසය ඇතිකිරීමට තමාගේ පවුම් දෙකහමාරේ රන් මාලය හා දැනට අත තිබෙන රුපියල් පන්දහස ලබා දිය හැකි බවයි. මේ දින ඇයගේ නිවසට විත් රන් මාලය ආපසු දී අවශ්‍ය මුදල් ලබා ගන්නා මෙන්ද ඇය මැණික හිමි කාන්තාවගෙන් ඉල්ලා සිටියාය.

මැණික හිමි කාන්තාව එයට එකඟ වී නිල් මැණික ඇයට දී රන් මාලය හා රුපියල් පන්දහස රැගෙන ඇයෙන් සමුගෙන ඇත්තේ හෙට දින පාන්දර ඇයගේ නිවසට එන බව පවසමිනි. ඇය මැණික රැගෙන නිවසට ගොස් ඇත්තේ තමාගේ බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ අටත් ගෙන ඉතිරි ලක්ෂ දෙක සැමියාගෙන් හෝ ඉල්ලා දෙන බව සිතමිනි.

පසුදින පස්වරු වනතුරුම එම කාන්තාව නිවසට නොඒම පිළිබඳව සැ’ක සිතුණු කාන්තාව සිය භාරයේ ඇති මැණික ස්වාමි පුරුෂයාට පෙන්වා ඇත්තේ සියලු විස්තර පවසා මැණික විකිණීමට නගරයට යා යුතු බව දන්වමිනි.

ඒ අනුව මැණික පරීක්ෂා කළ ස්වාමිපුරුෂයාට මැණික ගැන සැ’කයක් ඇතිවිය. ඔහු බිරියද සමග රත්නපුර නගරයේ ප්‍රසිද්ධ මැණික් වෙළෙන්දෙකු හමුවට ගොස් මෙම මැණික පෙන්වා රුපියල් ලක්ෂ 75ක් ඉල්ලා ඇත. පසුව මෙම මැණික පරීක්ෂා කළ ව්‍යාපාරිකයා ඔවුන්ට පවසා ඇත්තේ මෙය කීයක්වත් නොවටිනා ව්‍’යාජ වීදුරු මැණිකක් බවයි.

සුනිල් පියතිලක-කුරුවිට ( අරුණ පුවත්පතේ පළවූ ලිපියකි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here