අ’මනාපයෙන් පසුවන පවුල් දෙකේ බල්ලයි බැල්ලියි යාළු වෙලා මාස කිහිපයකින් පසු බැල්ලියට පැටව් 4ක්.

0

දීර්ඝ කාලයක සිට අ’මානපයෙන් පසුවන කුරුවිටට ආසන්න ගමක පිහිටි නිවෙස් දෙකක ඇති කරන බල්ලෙකු හා බැල්ලියක අතර ඇතිවුණු සම්බන්ධයෙන් පැටවුන් ඉපැදී ඇත.

බැල්ලිය අයිති නිවසේ අය බල්ලා අයිති නිවෙස වෙත ගෙනත් දමා ඇති වන්නට ගිය ආ’රවුලක් එම ගම්මානයට අයත් විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ සමථයකට පත් කළහ. බලු පැටවුන් නඩත්තු කිරීමද එම හිමියන් භාර ගෙන තිබේ.

සිද්ධිය මෙසේය, එම නිවාස දෙක එකිනෙකට කිට්ටුවෙන් ඉදිකර ඇති අතර ඉතා මිත්‍රශීලීව සිටි එම පවුල් දෙක පොහොර ප්‍රශ්නයක් මුල්කර ගනිමින් මීට ටික කලකට පෙර අ’මනාප වී ඇත.

එක ගෙදරක බල්ලෙකුත් අනෙක් නිවසේ බැල්ලියකුත් ඇති කරයි. පවුල් දෙක අතර ඇති අ’මනාපකම බැල්ලියට හා බල්ලාට බලපා නොමැත. ඔවුන් දෙදෙනා ඉතා කිට්ටුවෙන් සම්බන්ධකම් පවත්වමින් සිටින බව දත් නිවාස හිමියෝ නිතර දෙවේලේ කිසිත් නොදත් එම බල්ලාට හා බැල්ලියට තඩි ග”හන්නට විය. ඒ කෙසේ වෙතත් එම බලු යුවළ රාත්‍රියේදී හමුවන බව ඔවුහු දැන සිටියහ.

මාස කිහිපයක් ගතවන විට එම බැල්ලියට බලු පැටවුන් සිව් දෙනකු ලැබුණු අතර එය බැල්ලියගේ නිවසේ අයට මහත් හි”සරදයක් විය. එකත් එකටම මෙයට වගකිව යුත්තේ අල්ලපු ගෙදර බල්ලා බවට නිගමනය කළ බැල්ලියගේ නිවෙස් හිමියන් බල්ලා අයිති නිවසට බලු පැටවුන් ගෙනත් දමා යන අතරේ කියා ඇත්තේ මෙම බලු පැටවුන් ඔහේලගේ බල්ලාට අයත් බැවින් ඔවුන් භාරගෙන කෑම බීම ලබා දී නඩත්තු කරන ලෙසයි. එයින් කි”පුණු බල්ලාගේ නිවෙස් හිමියන් ඔවුන් සමග ආ’රවුලකට පැ’ටලී ඇත.

එම අවස්ථාවේ ඒ ආසන්නයෙන් දානයකට වඩිමින් සිටි මෙම ගම්මානයට අයත් විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් එම ස්ථානයට වැඩම කොට එම දෙපාර්ශ්වයම සමථයකට පත්කර පවසා ඇත්තේ මෙම ති’රිසන් සතුන් වෙනුවෙන් ආ’රවුල් ඇති කර නොගෙන සාමයෙන් ජීවත් වන ලෙසයි.

බලු පැටවුන් පන්සලට ගෙනත් දෙන ලෙසත් ඔවුන් නඩත්තු කිරීමට හැකි බවත් පවසා හිමියන් එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර පසුව බලු පැටවුන් පෙට්ටියක දමා පන්සලට ගෙනත් දැමීමට බැල්ලිය සිටින නිවෙස් හිමියන් විසින් කටයුතු කරනු ලැබීය.

දැන් එම බැල්ලිය දිනපතා පන්සලට ගොස් බලු පැටවුන්ට කිරි දී නැවත නිවසට පැමිණේ. කෙදිනක හෝ බැල්ලියත් සමග එම බලු පැටවුන් යළි නිවසට පැමිණේවි යයි සිතමින් බැල්ලියගේ අයිතිකරුවන් බැල්ලිය වෙනත් දුර බැහැර ප්‍රදේශයකට රැගෙන යාමට සූදානම් වන බව වාර්තා වේ.

සුනිල් පියතිලක-කුරුවිට ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here