ඇටෝනි බලපත්රයක් අ’වභාවිතා කරමින් කලක සිට කුරුණෑගල නගරයේ විදේශ රැකියා ආයතනයක් පවත්වා තරුණ තරුණියන් නොමඟ යවා රුපියල් කෝටි ගණන් මුදල් ඉපැයූ රැකියා ආයතන හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
කුරුණෑගල නගරාසන්නයේ දඹුල්ල මාර්ගයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය ඒජන්සිකරු තරුණ තරුණියන් 41 කට විදේශ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් වං’චනිකව ලබාගත් සිදුවීමක් මත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ සහ කුරුණෑගල මුලස්ථාන පොලිසියේ නිලධාරින් සමග එක්වී අත්අඩංගුවට ගෙන ඇත.
දිවයිනේ විවිධ ප්රදේශවල පදිංචි තරුණ තරුණියන් 41 දෙනකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 41 ක් සහ කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැ’මිණිලි 11 ක් ඉදිරිපත් කිරීම මත ලද තොරතුරකින් සැ’කකරු හලාවත ප්රදේශයේ සුඛෝපභෝගී නිවසක සැගවී සිටියදී අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ මහෙස්ත්රාත්වරයා සැ’කකරුට විදේශගතවීම සපුරා ත’හනම් කරන ලදී.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ වි’මර්ශන අංශයේ නිලධාරීන් විසින් සැ’කකරු සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල