උපතින්ම යටිපතුල් උඩු අතට හැරුණු බිළිඳාව බේරාගන්න මව්පියන් සහාය ඉල්ලයි

0

දෙමස් වියැති මේ බිළිඳා තම මව්පියන් සමග ජීවත්වන්නේ මාතර වැලිගම හේන්වල ප්‍රදේශයේය.දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ ලාබාලම දරුවා ලෙස උපත ලද මෙම බිළිඳා උපතින්ම දෙපා ආශ්‍රිත ආ’බාධයකින් පී’ඩාවිඳී.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම බිළිඳාගේ යටිපතුල් උපතින් උඩු අතට හැරී පිහිටා ඇති බවය. ඒ අනුව බිළිඳාගේ දෙපා ශල්‍යක’ර්මයකට ලක්කර ඇති අතර තවත් මාස 8ක පමණ කාලයක් මෙලෙස ප්‍රතිකාර ගැනීමට වෛද්‍ය උපදෙස් ලබාදී තිබේ.

එතෙක් මේ පුංචි පුතාගේ සියලු වියදම් දරන්නට සිදුවන්නේ කුලී වැඩවලින් එදාවේල සරිකරගන්නා හසෙව් ගේ පියාටය.

10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හසෙව් ගේ වැඩිමහල් සොහොයුරාත් මේ වනවිට පාපැදි අලුත්වැඩියා කිරීමේ නිරතවන්නේ මහමෙරක් වූ පවුලේ බර පියාට තනිව දරාගන්නට නොහැකි නිසාවෙනි.

ඉන්න හිටින්නට ස්ථිර නිවසක්වත් නැති, එදාවේල සරිකරගන්නටත් මහා අ’රගලයක නිරතවන්නට සිදුව ඇති මේ පවුල පුංචි හසෙව් ගේ ප්‍රතිකාර වියදම් නිසා මේ වනවිට දැ’ඩී පී’ඩනයකට පත්වී ඇත.

ඔවුන්ට කිනම් හෝ ආකාරයකින් සරණක් වන්නට ඔබට හැකිනම් මේ ඇස්වල ක’ඳුළු මොහොතකට හෝ පිසලන්නට එය මහඟු පිටිවහලක් වනු නොඅනුමානය.

හසෙව් පින්සර ගේ මව E. J. P සඳමාලි – 0777 580 337

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here