ගෑස් අ’නතුරකින් තු’වාල ලැබූ කාන්තාවක් ජී’විතක්ෂයට.

0

ගෑස් උඳුනක ඇති වූ ගින්නක් හේතුවෙන් සිදුවූ අ’නතුරකින් පි’ළිස්සුම් තු”වාල ලබා ප්‍රතිකාර ගනිමින් සිටි කාන්තාවක් ඉතා අ’වාසනාවන්ත ලෙස මි’යගොස් තිබේ.

මෙලෙස මි’යගොස් ඇත්තේ විල්ගමුව, දේවගිරිය, පිදුරුවැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි සිව්දරු මවකි.ඒ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

කුන්ඩසාලේ, නත්තරන්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප වි’නාශ වී තිබුණේ පසුගිය පළමුවනදාය.අදාළ කාන්තාව පවුලේ පිරිස සමග කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිට ඇත්තේ කුලී පදනම මත බවද වාර්තා විය.

ඒ, අදාළ කාන්තාව එදින අලුයම ආහාර පිසීමට සූදානම් වූ අවස්ථාවේදී මේ අ’නතුර සිදුවී ඇත.

අ’නතුරින් තු’වාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබු අතර පි”ළිස්සුම් තු’වාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව පසුගිය 10 වනදා මි’යගොස් තිබුණි.

පල්ලේකැලේ පොලීසිය පැවසුවේ ගෑස් අ’නතුර නිසා එම කාන්තාව ජී’විතක්ෂයට පත්ව ඇතත් අ’නතුරට නිශ්චිත හේතුව මේ දක්වා අනාවරණ කරගෙන නොමැති බවය.ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර ගෑස් ලිප් වි’නාශ වීමේ සිදුවීම් ප්‍රදේශ කිහිපයකින් අදත් වාර්තා විය.වැලිමඩ දිමුතුගම ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ඊයේ (11) පස්වරුවේ වි’නාශ වී ගොස් තිබුණේ ආහාර පිසිමින් සිටින අතරතුරදීය.

පැල්මඩුල්ල, රිල්හේන ප්‍රදේශයේ නිවසක ද ගෑස් ලිප වි’නාශ වී යාමෙන් අද (12) තවත් අ’නතුරක් සිදුව තිබුණි.

මීට අමතරව හැටන් කොටගල ඩ්‍රෙටන් වතුයාය, සූරියවැව, විහාරගල, වලස්මුල්ල සහ කන්තලේ ආරියවංශ මාවත යන ප්‍රදේශවලින් ද ගෑස් ලිප් වි’නාශ වීමේ සිදුවීම් වාර්තාවුණි.

මේ අතර තලවතුගොඩ ජයවඩනගම ප්‍රදේශයේ ලිට්‍රො ගෑස් අලෙවි නියෝජිතයෙකු ගෑස් අලෙවිය තාවකාලිකව නවතා දර අලෙවි කිරීමට පටන්ගෙන තිබුණි.

ගෑස් ලිප් වි’නාශ සිදුවීම්වලින් පසුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නව මාර්ගෝපදේශ යටතේ රතු ලේබලයෙන් යුත් නව ලිට්‍රො සිලින්ඩර වෙළෙඳපොළට නිකුත්කිරීමට පියවර ගැණුනත් මීට මාස තුනකට පමණ පෙර එම ලාංඡනය සහිතවම නිකුත් කළ සිලින්ඩර පවතින බවද එම අලෙවි නියෝජිතයා එහිදී පෙන්වා දුනි.

මේ අතර ගෑස් රැගෙන මෙරටට ළඟාවූ නෞකාවක් වත්තල උස්වැටකෙයියාව තල්දියවත්ත මුහුදුතීරයේ නැංගුරම්ලා තිබේ.

පරීක්ෂණ සඳහා ඉන් ගෑස් සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here