පොලිසිය ගෙයි සිටියදීම හො’රා බැරි වූ පොරව අරන් පනියි

0

පොලිසිය නිවෙසකට පැමිණ හොරකමක් පිළිබඳ පැ’මිණිල්ලක් විමර්ශනය කරන අතරවාරයේදී, සො’රකු එම නිවසට පැමිණ තමා විසින්ම දමා ගිය පොරවක් යළි රැගෙන ගිය පුවතක් කඩවත, කිරිමැටියාගාර ග්‍රාම නිලධාරි වසමේ ගම්මානයකින් සැලවේ.

මේ දිනවල එම ගම්මානයේ ජනයා රැය පහන් කරන්නේ නිදිවර්ජිතවය. ඊට හේතුව පසුගිය දින කිහිපයේම සිදුවූ ගෙවල් බි’ඳුම් කිහිපයකි.

පසුගියදා (10 වැනිදා) රාත්‍රියේදී ද ගමේ නිවසකට සො’රු ඇතුළු වූහ. මුළුතැන්ගේ ජනේල පියනක් ගලවා දමා සො’රු ගෙට ඇතුළු වූ නමුත්, ගෙහිමියා අවදිවීම හේතුවෙන් ක’ලබල වූ ඔවුන් වහා එතැනින් පැනගොස් තිබුණේ තමන් රැගෙන ආ ගෙවල් බි’ඳීමේ උපකරණ සහ ආ’යුධ ද ගෙහිමියාගේ නිවසේ පිළිකන්නේ තිබියදීය.

ජනේලවල ග්‍රිල් ගැලවීමට භාවිත කරන අඬුවක්, පි’හියක් සහ පොරවක් ද ඒ අතර විය. එදින සොරුන්ට ගෙන යෑමට හැකි වී තිබුණේ අද කාලේ හැටියට දින දෙක තුනක් කෑමට වියදම් කළ හැකි සොච්චම් මුදලක් පමණි.

ගෙහිමියා වහාම 119 දුරකතනයෙන් පොලිසිය ඇමතුවේය. කඩවත පොලිසියෙන් එන බවට පිළිතුරු ද ලැබී ඇත. එනමුත්, පසුවදා උදේ නවයට පමණ කඩවත පොලිසියෙන් ඇමතුමක් දී කියා ඇත්තේ පොලිසියට පැමිණ පැ’මිණිල්ලක් සිදු කරන ලෙසයි.

ඒ අනුව, උදේ පොලිසියට ගිය ගෙහිමියා පැ’මිණිල්ල දැම්මේ සවස තුනට පමණය. ඊට හේතුව පැමිණිලි පෝළිම ඒ තරම් දිගු වීමය. පොලිසිය පැ’මිණිල්ල විභාගයට පැමිණියේ සවස 5.30ත් පහුවෙලාය.

ගෙහිමියාගෙන් තව දුරටත් විස්තර සටහන් කරගත් පොලිසිය අනතුරුව නිවසේ පිළිකන්නට ගියේ සො’රු විසින් දමාගිය දෑ පරික්ෂා කිරීමටය.

මෙහිදී පොලිසිය සමග පිළිකන්නට ආ ගෙහිමියාට සිදුවූයේ තරු විසිවෙන වැඩකි. නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගැනීමට නියමිතව තිබූ පොරොවක් එතැනින් අ’තුරුදන්ව තිබිණි.

ඒ පිළිබඳ විපරම් කිරීමේදී අනාවාරණය වී ඇත්තේ, නිවසේ සාලයේ පැ’මිණිල්ල විභාග කරන අතරවාරයේදී, ඒ සියල්ල නිරීක්ෂණය කළ සො’රා විසින්ම සිය මතු ආරක්ෂාව පිණිස අදාල නිවසේ දමාගිය පොරොව යළි රැගෙන ගොස් ඇති බවයි.

ඊට හේතුව යම් හෙයකින් පොරව නඩු භාණ්ඩයක් බවට පත්වුවහොත්, තවත් සෑහෙන කාලෙකට එම පොරවෙන් වැඩක් ගැනීමට තමාට නොහැකි වනු ඇතැයි සො’රා විසින් සිතීම විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here