බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයක පිහිටි වෙළෙඳ සැලකට පසුගියදා කඩාවැදුණු කො’ල්ල ක’ල්ලියක් එම වෙළෙඳසලේ හිමිකරු පැළඳ සිටි පවුම් තුනහමාරක රන්මාලය පැ’හැරගෙන ප’ලාගොස් ඇතැයි බදුල්ල පොලිසියට කරන ලද පැ’මිණිල්ලක සඳහන් වෙයි.
සැ’කකරුවන් පැමිණ ඇත්තේ මෝටර් රථයකිනි. සැ’කකරුවන් දෙදෙනකු වෙළෙඳසලට ඇතුල්වෙමින් යමක් ඉල්ලා සිටින අතරතුර මාලය ක’ඩාගෙන ඇත.
තවත් සැ’කකරුවෙක් මෝටර් රථයේ සිටි අතර මාලය කඩාගත් සැනින් සැ’කකරුවන් දෙදෙනකු එම මෝටර් රථයේ නැගී පලාගිය බවත් පැ’මිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පැවසීය.
මෝටර් රථයේ පැමිණි සැ’කකරුවන් තිදෙනාට අමතරව මුහුණ වැසෙන හිස් ආවරණ පැළද සිටි දෙදෙනෙක් යතුරුපැදියකින් පැමිණ එම ස්ථානයේ නතර කර තිබූ බවත් ඔවුන් විසින් දෙන ලද තොරතුරකට අනුව මෙම කො’ල්ලකෑම සිදුකරන්නට ඇති බවත් සැ’ක කෙරේ.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත හා සහකාර පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකරගේ උපදෙස් මත බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
( අරුණ පුවත්පත )