ජනාධිපතිතුමා තනතුරු දීල තියෙන්නෙ හැංඟිලා ඉන්න නෙමේ.

0

කොළඹ හොරණ මාර්ගයේ අංක 9/2 වේරහැර පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද මහාමාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතින් අද දින වේරහැර දී සිදු කෙරිණි.

වේරහැර පාලම ඉදිකිරඅ සඳහා වැයවන වන මුදල රුපියල් මිලියන 285කි. දැනට මෙම පාලම මේ මීටර් 7 දිගින් යුක්ත වන අතර මීටර් 43.60 දක්වා පුළුල් වනු ඇත.පාලමේ පලල මීටර් 22 වන අතර මංතීරු 4 කින් සමන්විත වේ.මෙම පාලම ඉදිකීරීමට ගතවන කාලය මාස 15කි.මෙම පාලම ඉදි කිරීමත් සමග බොරලැස්ගමුව ගංවතුර තර්ජනය අවසන් වනු ඇත .

මෙහිදී ගෑස් ප්‍රශ්නය පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ,

ගැස් ප්‍රශ්නයට ගෑස් සමාගම් සභාපතිවරුන් සමාගම් නිලධාරීන් ජනතාවට වහාම පිලිතුරු දිය යුතුයි.මම මාධ්‍යයෙන් දැක්ක සභාපතිවරයෙක්ව දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බැරි උන හැටි.

හැංගිලා ඉන්න දෙයක් නෑ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර ජනතාවට පිලිතුරු දෙන්න.ඒවගේම ඔවුන් මෙමෙ ගෑස් ප්‍රශ්නයට වහාම විසදුම් ලබාදිය යුතුයි.

මම දැක්ක එක සභාපතිවරයෙක් වංචා හා දූෂණ ගැන කථා කරනවා.හැබැයි ගෑස් ප්‍රශ්න එනකොට හැංගිලා.ජනාධිපතිතුමා තනතුරු දීලා තියෙන්නෙ හැංගිලා ඉන්න නෙවෙයි.ප්‍රශ්න නැති වෙලාවල්වල
වීරයෝ වෙන්න වොයිස්කට් දෙන එක නෙවෙයි කරන්න ඕනෙ ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දීලා විසදුම් දෙන එක. ආණ්ඩුව හා ජනතාව අපහසුතාවයට පත් නොකර.

තවද වාර අවසාන කිරීම ගැන අදහස් දැක් වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු.

කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා කියනවා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම වැරදියි කියල.දේශපාලන අර්බුද තියෙනවලු.අර්බුද වෙලාවෙ පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න එපාලු.

මම අහනවා මොනවද තියෙන දේශපාලන අර්බුද කියල.1947 සිට මේ දක්වා 50 වරක් පමණ වාර අවසාන කරලා තියෙනවා.මේක අළුත් දෙයක් නෙමෙයි.සජිත් ප්‍රේමදාස මහත්තයගෙ පියාණෝත් පාර්ලිමේන්තුව වාර අවසාන කලා දෝෂාභියෝගය වෙලාවෙ.වහලා පුටුවල ඌරු තෙල් ගෑවා.

අනික අපි පාර්ලිමේන්තුව 2022 ජනවාරී 11 රැස්වෙන්න හිටියේ.දවස් 06ක් ඉවසන්න බැරිද.මේ විපක්ෂය කොවිඩ් කාලේ කිසිම උදව්වක් නොකල ලෝකෙ එකම විපක්ෂය.දැන් පාර්ලිමේන්තුව රැස් උනාම විපක්ෂය උපදෙස් දෙනවද අපට.චන්ද්‍රිකා මැතිණිය,ප්‍රේමදාස මහත්තයා,

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා,ජේ ආර් ජනාධිපතිතුමා මේ හැමෝම වාර අවසන් කලා.මේක මේ අලුත් දෙයක් නෙවෙයි.එල්ලෙන්න වැලක් නැතිව විපක්ෂය කොරහේ කිඹුල්ලු මවනවා.ඩොලර් අර්බුදයක් තියෙනවා හැබැයි අපි ජනතාව අපහසුතාවයට පත් කරන්නෙ නෑ කියල වගකීමෙන් කියනවා.විපක්ෂයට මම.නැවතබභියෝග කරනවා වැඩ පිලිවෙලක් තියෙනවානම් කියන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here