පදමට වෙ’රි වී පොලිසියෙ යැයි සිතා කම්කරුවෙකුට 2000ක් දීලා

0

ම’ත් වතුර බීමට තදින් ඇ’බ්බැහි වී සිටි අයෙකු ප්‍රදේශයේ ම’ත් වතුර හිඟය නිසා අල්ලපු ගමකට ගොස් හොඳ හැටි පදම් වී නැවත ආපසු එනවිට පොලිසිය යැයි රැ’වටී මාර්ග කම්කරුවෙකුට රුපියල් දෙදහසක සන්තෝෂමක් දුන් පුවතක් රත්නපුරයට අසන්න ප්‍රදේශයකින් වාර්තා වේ.

මේසන් වැඩ කළ මොහුට දිනපතා හොඳ ආදායමක් ලැබුණු අතර එයින් වැඩි කොටසක් ඔහු වැයකළේ ම’ත්පැන් පානයටය. දරුමල්ලන්ට අවශ්‍ය අහාර පාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් වියදම් අවම ලෙස සිදුකළත් ම’ත්පැන්වලට නම් ඔහු අත දිගහැර වියදම් කිරීමට පසුබට නොවීය. මේ හේතුවෙන් නිතර නිතර නිවසේ දෙමහල්ලන් අතර ප්‍රශ්න ඇතිවුණි. අවසානයේ ඒවා ර’න්ඩු ස’රුවල් බවටද පත්ව තිබිණි.

බිරිඳට අවශ්‍ය වූයේ ඔහු ම’ත් වතුරවලින් බේරා ගැනීමට වුවත්, ඔහු බිරිඳට දරුවන්ට වඩා ආදරය කළේ මත් පැන්වලටය. හොඳ ආදායමක් ලැබුණත් පවුලට දියුණුවක් ඇතිව නොතිබීම බිරිඳගේ මෙන්ම දරුවන්ගේද අසතුටට හේතුවක් වී තිබිණි.

ඔහු පදිංචි ප්‍රදේශයේ තාවකාලික ම’ත් වතුර හිඟයක් ඇතිවූයේ ඇතිවුණු අධික ඉල්ලුම හේතුවෙනි. දිනක් ඔහුට ම’ත් පැන් ටිකක් හොයා ගැනීම අතිශය දු’ෂ්කර විය. එහෙත් ඔහු උත්සාහය අත්හැරියේ නැත. මිතුරකුගේ උපදෙස් මත ඔහු යතුරු පැදියෙන් ම’ත් වතුර සොයාගෙන ආසන්නයේ පිහිටි ගමකට ගියේය. එහිදී ඔහු වැඩි මුදලක් ලබා දී ගත් ම’ත් වතුර එම ස්ථානයේ සිටම පානය කළේය.

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මේ දිනවල ජල නළ එලීමේ ව්‍යාපෘතියක් සිදු කෙරේ. එම නඩත්තුව සිදුකරන දෙපස කම්කරුවන් දෙදෙනෙක් රාජකාරියට යොදවා සිටියේ රථ වාහන පාලනයටය.පදමට වෙ’රි වී සිටි පෙර කී පුද්ගලයා නැවත නිවසට යාමට මෙම නඩත්තු කටයුතු සිදුකරන ස්ථානය හරහා යාමට පැමිණියේය.

වාහන හැසිරවීමට යොදා සිටි කම්කරුවා තම අත තිබූ නළාව නාදකර අදාළ යතුරු පැදිය නතර කිරීමට අණ කළේය. ඒ අවස්ථාවේ පැවැති සුළු වැස්ස හේතුවෙන් එම කම්කරුවා වැසි කබායක්ද පැලඳ සිටියේය. බී’මත් පුද්ගලයා සිතා ඇත්තේ තමා ම’ත් වතුර පානය කර යතුරු පැදිය ධාවනය කරන බව තේරුම් ගෙන පොලිස් නිලධාරියෙකු තමා නැවැත්වීමට කටයුතු කළ බවයි.

යතුරු පැදිය මාර්ගය අයිනේ නැවැත් වූ ඔහු වෙ’රි ම’රගාතේ පොලිස් නිලධාරියෙකු බව සිතූ මාර්ග කම්කරුවා අසලට ගොස් පවසා ඇත්තේ ‘සර් අද ටිකක් බිව්වා තමයි, ඒත් ද’ඩ නොගහා තමාට යන්න දෙන’ ලෙසයි. ඒ සඳහා රුපියල් දෙදහසක් ලබාදිය හැකි බවද ඔහු පැවැසීය.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මාර්ග කම්කරුවා ඔහුට පවසා සිටියේ ‘හා හා ඕක දීලා ඉක්මනින් යන’ ලෙසය. රුපියල් දෙදහස මාර්ග කම්රුවා අතට දුන් ඔහු ප්‍රීතියෙන් එතැනින් නික්ම ගොස් ඇත්තේ රුපියල් පනස්දහසේ දඩය යන්තම් රුපියල් දෙදහසකින් අවසන් කර ගත හැකි වූ බව සිතමිනි.

පසු දිනක ඔහු මෙම ස්ථානයෙන් ම’ත් වතුර පානයෙන් තොරව හොඳ සිහියෙන් යාමට පැමිණ ඇත. එවිට ඔහු දැක ඇත්තේ තමා එදා පොලිස් නිලධාරියෙකු යැයි රැ’වටී රුපියල් දෙදහසක් දී ඇත්තේ මාර්ග කම්කරුවෙකුට බවයි. අදත් ඔහු ඒ ගැන හිතමින් දුක්වන බවත්, මාර්ග කම්කරුවා නැවතත් මෙවැනි වාසනාවක් යළි උදාවේදැයි සිතා සතුටින් මාර්ගයේ රාජකාරි කරන බවත් වාර්ථා වේ.

සුනිල් පියතිලක – කුරුවිට ( අරුණ )

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here