වර්ෂ තුනක් පාලම යට දිවිගෙවන සිල්වා හා සිත්ති යුවළ පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ ඒ කෙරෙහි නිවාස සංවර්ධන අධිකාරියේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව සිල්වා හා සිත්ති දිවි ගෙවන කටුගස්තොට පාලම යටට පුවත්පතේ ප්‍රවෘත්තිය පළ වූ දිනයේම නිවාස සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඇති අතර එසේ පැමිණි නිලධාරින් සිල්වා සමග කතා කර තොරතුරු ලබාගෙන තිබිණි.
මේ පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාර අනිල් ප්‍රියන්තගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ අද (16 වැනිදා) දිනයේ එම දෙපළ ප්‍රධාන කාර්යාලය වෙත කැඳවාගෙන එන ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් උපදෙස් දුන් බවය.
එම නිසා අද දිනයේ (16) ඔවුන් ප්‍රධාන කාර්යාලයට කැඳවාගෙන යාමට කටයුතු කරන බවත් ඉන්පසුව ඔවුන් පිළිබඳව ලැබෙන උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.