නිවසක ජල ටැංකියට වැ’ටී අවුරුදු එකහමාරක දරුවෙකු ජී’විතක්ෂයට.

0

නිවෙස පසු පස පිහිටි ජල ටැංකියට වැ’ටී වයස අවුරුදු එකහමාරක දරුවකු ම’රණයට පත්ව ඇතැයි රත්නපුර ශි’ක්ෂණ රෝහලේ පැවැති ම’රණ පරික්ෂණයෙදි හෙළිවිය.

මෙලෙස මි’යගොස් ඇත්තේ රත්නපුර මහවල පදිංචි මොහොමඩ් මස්ශාන් අබ්දුල් නම් දරුවෙකි. පසුගිය (10) වෙනිදා ම’රණ පරික්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවැත්විණි.

රත්නපුර හදිසි ම’රණ පරික්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් ඉදිරියේදී සාක්කි දුන් මි’යගිය දරුවාගේ මව වන හනිෆා රිස්මියා (22) මෙසේ පැවසුවාය.

අපි පදිංචි නිවසේ සැමියාත් මමත් සැමියාගේ මව්පියන් දෙපළ සහ සහෝදරයකු පදිංචිව සිටිනවා. සිද්ධිය වූ දින උදේ 6.30 ට පමණ නිවස පිටුපස ජල ටැංකිය අසලට ගොස් රෙදි සේදුවා.දරුවා සාලයේ සෙල්ලම් කරමින් සිටියා ඒ අසල සැමියාගෙ මවත් සිටියා. මම රෙදි සෝදා ඉවර වීමෙන් පසු රෙදිටික වැලට දමා නිවස තුළට පැමිණියා.

ඉන් විනාඩි දහයකට පමණ පසු පුතා ගැන සොයා බලන විට ඔහු නිවසේ සිටියේ නැහැ. ඒ නිසා මම වතුර ටැංකිය ළඟට ගිහින් බැලුවා. මම රෙදි සේදීමට පහසුවට වතුර ටැංකිය අසල බංකුවක් තබා තිබුණා. මම දැක්කා පුතා වතුර ටැංකියට වැ’ටී සිටිනවා. පසුව ඉක්මණින් ගොඩට ගෙන ත්‍රිවිල් රථයකින් රත්නපුර රෝහලට රැගෙන ආවා. එහිදී රෝහලේ වෙෙද්‍යවරුන් විනාඩි විසිපහක් පමණ පුතාව බේ’රා ගැනීමට දැ’ඩි වෙහෙසක් ගත්තා. ඒ වුණාට මගේ පුතා මි’යගියා.

කුඩා දරුවන් පිළිබඳව දෙමාපියන් සහ වැඩිහිටියන් මීට වඩා අවධානයෙන් සිටිය යුතු බවත් එසේ වුණා නම් මෙවැනි අවාසනාවන්ත ම’රණ වළක්වාගත හැකිව තිබූ බවත්. එහිදී ම’රණ පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් පැවසීය.

රත්නපුර ශි’ක්ෂණ රෝහලේ අධිකරණ වෙෙද්‍ය නිලධාරි මුදිත කුඩාගම විසින් පශ්චාත් ම’රණ පරික්ෂණය සිදු කළේය. එහිදී ඉදිරිපත් සාක්කි සහ නිගමනයන් අනුව මෙම ම’රණය දියේ ගි’ලීමෙන් සිදු වූ ම’රණයක් බව හදිසි ම’රණ පරීක්ෂකවරයා නිගමනය කළේය.

රත්නපුර පොලිසියේ විවිධ පැ’මිණිලි අංශයේ සැරයන් 19450 ධර්මසේන මහතා සාක්කි මෙහෙවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here