මහල්ලා සල්ලං කල කොල්ලාගේ ගෝනි කතාව

0

වේලාව දහවල් එක හමාර පසු වී තවත් අඩ හෝරාවක් පමණ ගත වී ඇත. පාසල් හමාර වන වෙලාව නිසා පාරේ තදබදය අධිකය. ලංගම, පෞද්ගලික බස්වලද ඉහින් කනින් මගීන්ය. මහ දවල් ගි’නි ගහන අව්වය.

බම්බලපිටියේ සිට කිරිබත්ගොඩට යන අංක 154 ලංගම බස් රථයක් බොරැල්ල හන්දිය පසු කර නෝනාවාට්ටුව ළඟ නතර කළේය. බසය ඇතුලේ ඇඟිල්ලක් ගසන්නට බැරි තරම් සෙනගය. බාගෙට බාගයක් පාසල් සිසු සිසුවියන්ය.

නෝනවාට්ටුව බස් නැවතුමේ නතර කළ බසයට බෙහෙත් ගන්නට පැමිණි රෝ’ගී කුඩා දරුවන් ද කර පින්නාගත් මව්වරුන්ද කීප දෙනෙක්ම ගොඩවූහ. ඔවුන්ට අසුන් දුන්නෝ මුහුණු පුළුටු කරගෙනය. ඒ එය බබාලා වඩාගත්තු අම්මලට ෂීට් එකක් දෙන්නැයි කොන්දොස්තර කොලුවාගේ බෙ’රිහන්දීම නිසාය. මේ මොන ක’රදරයක් දැයි හිතින් සාප කරමින්ය.

බස් රථය ගි’නි ගැසූ පෝරණුවක් මෙනි.අසුන්වල වාඩි වූවෝද සිටගෙන සිටින්නවුන්ද අතවූ කුමක් හෝ දෙයකින් පවන් සලාගන්නේ දාහය නිවා ගැනීමට මගක් සොයමිනි. ඒත් පාසල් සිසු සිසුවියන්ට නම් මේ දාහය එතරම් දෙයක් නැති හැඩය. ඔවුහු එකිනෙකාට විහිළු තහළු කරගනිමින් සිටිති.

බසය දෙමට ගොඩ කැලණිපාලම පසුකරමින් ඉදිරියටම යයි. දරාගත නොහැකි රස්නයත් අසනීපත් නිසා මව්වරුන් අත වූ කුඩා දරුවෝ හ’ඬන්නට කෑමොර දෙන්නටත් පටන් ගෙනය.

මේ අතරේ එක් තරුණ මවක් අත වූ වයස අවුරුදු තුනක් හතරක් වූ දරුවකු මුළු බස් රථයටම ක’රදරයක්වන තරමටම මොරදෙමින් හඬන්නට පටන් ගත්තේය. මව කොතෙක් උත්සාහ කළත් ඇ’ඬිල්ල නතර කළේ දරුවා නොවේ.අතැම්හු මේ මොකදැයි බලන අතර තවත් සමහරු මව දෙසද බැලුවේ නො’රුස්නා නෙතිනි.

මේ අතරේ ඒ අසලම අසුනක සිටි සරමක් හා කමිසයකින් සැරසී රැවුලත් වවාගෙන සිටි අවුරුදු හැත්තෑවක හැත්තැ පහක මහල්ලෙක් හදිසියේම අසුනෙන් නැගිට ‘ගෙනැල්ල ගෝනියක් මේ අ’ඬන කොල්ලව දාන්න’ යැයි මුළු බසයටම ඇසෙන සේ මහ හඬින් කෑගැසුවේය. ඒ හඬින් මුළු බසයම නිශ්ශබ්ද වූයේ මෙතෙක් බසයටම වදයක් සේ හඬමින් සිටි කුඩා දරුවාද ක්ෂණිකයකින් නිහඬ කරමිනි.

දැන් මුළු බසයම නිහඬය. කතා කරන්නේ හඬන දරුවා ගෝනියට දාන්නට හැදූ මහල්ලා පමණි. දැන් අම්මලට ළමයෙක් නළවගන්න දන්නේ නෑ, අම්ම කෙනෙක් විදියට ඇඳුමක් අඳින්න දන්නේ නෑ. ආදී වශයෙන් ඔහුගේ දේශනාවය. දැන් ඒ දේශනාව මුළු බස් රථයටම වදයක් වී ඇත. මේ අතරේ බසයේ පසුපස අසුනක සිටි පාසල් සිසුවෙක් එකවරම නැගී සිටියේය.

කලින් මහල්ලා ගෝ’රනාඩු කළාට නොදැවැනි හඬකින් ඒ ගමන මේ අංකල්ගෙ කරදරේ. ගෙනැල්ල තවත් ගෝනියක් මෙයාව දාන්න යැයි කීවේය. ඒ සමගම බසය පිටුපසින් හූ හඬක්ද ආවේය. මුළු බසයම එකම සිනා ගුලකි. තෙහෙට්ටුව විඩාව සියල්ලටම අමතක වූ ගාණය.

කතාව නවතා වහාම බිම බලාගත් මහල්ලා ඊළඟ නැවතුමෙන් බැස ගත්තේ සියල්ලන්ගේම සිනා හඬ මැද්දේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here