පුතා දියේ ගිලී නෑ එයා FB එකේ ඉන්නවා.

0

කොග්ගල, පාලම අසල මුහුදේ දිය නෑමට ගොස් මගේ පුතා අ’තුරුදන් වෙලා දැනට මාස 11ක ටත් වඩා වැඩියි. පුතාව තවමත් සොයා ගන්න බැරි වුණා. පුතාගේ බවට සැ’කකරන ඡයාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ මගේ පුතාම තමයි. පුතාව හඳුනා ගන්න සහාය වෙන්න කියලා අ’තුරුදන්වූ දරුවාගේ මව වන තැඹිලි කන්කානම්ගේ සකුන්තලා රසාදරි (39) ඉල්ලීමක් කරන්නීය.

මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගොස් ජනවාරි මාසයේ වැනි දින මෙසේ අ’තුරුදන් වී ඇත්තේ පොතුකුඹුරවත්ත, පරගොඩ, ඉමදුව ප්‍රදේශයේ පදිංචි රනව තන්ත්‍රිගේ සාලිය රවිදු ප්‍රියංකර (19) නමැති අයෙකි. අ’තුරුදන්වූ මෙම තරුණයා සම්බන්ධව පොලිසිය විමර්ශනයක් සිදු කළ ද මේ දක්වා ඔහු සොයාගත නොහැකි විය.

හැඩූ ක’ඳුළින් මව වැඩිදුරටත් මෙසේ කියා සිටියාය.

“සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වන පුතාගේ ඡයාරූපය සහ පුතා අ’තුරුදන් වෙන්න කලින් ගත් ඡයාරූපවල ඉරියව් අනුව ඒ මගේ පුතාම තමයි. මේ පිළිබඳ මම හබරාදුව පොලිසියට පැමිණිලි කළා.

සමාජ මාධ්‍ය හරහා පළවන ඡයාරූපය කුමන තැනැත්තකුට අයත් ගිණුමකින් මුදාහැර ඇද්ද, ඒ අයගේ සම්පූර්ණ නම ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය ආදී විස්තර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ලබාදෙන ලෙස හබරාදුව පොලිසිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අ’පරාධ විමර්ශන අංශයේ මාතර ශාඛාව වෙත යොමු කර ඇත.

“මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මම කොග්ගල ඇඟලුම් කර්මාන්තශාලවක වැඩ කළා. පුතා කොළඹ නගරයේ පෞද්ගලික ආයතනයක වැඩ කළා. කොවිඩ් වසංගතය නිසා පුතා යළි රස්සාවට ගියේ නැහැ. මේ අවුරුද්දේ ජනවාරි 11 මම ඇඟලුම් කම්හලේ රැකියාවට ගියා. ඒ දවසේ පුතා සම්මුඛ පරීක්ෂණයකට යනවා කියලා කීවා. ඒ වෙලාවේ තමයි මිතුරන් පිරිසක් එක්ක දිය නාන්න ගිහින් අ’තුරුදන් වෙලා කියලා දැන ගත්තේ.

මේ අතරේ තමයි මගේ රත්තරන් පුතාගේ ඡයාරූපයක් සමාජ මාධ්‍ය හරහා මම දැක්කේ. අනේ මගේ පුතා මට හොයාගන්න උදව් කරන්න. විදේශීය රටක පදිංචි අයකුගේ ගිණුමකින් තමයි පුතාගේ ඡයාරූපයක් සමාජ මාධ්‍ය හරහා මුදා හැරලා තියෙන්නේ.

පුතා තවමත් ජීවතුන් අතර ඉන්න බවට මා විශ්වාස කරනවා. මුහුණු පොතේ සංසරණය වන ඡයාරූපය අනුව පුතා වෙනත් රටක ඉන්නවා. ඒ ඡයාරූපය අනුව මගේ පුතාම තමයි. පුතාගේ ඉරියව් අනුව පුතා මම හඳුනා ගත්ත යැයි මෙම තරුණයාගේ මව කියා සිටියාය.’’

( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here