පොල් ගෙඩි දෙකක් සො’රාගත්තා කියා නි’රුවත් කර ගැ’හුවා.

0

පසුගියදා නාත්තන්ඩිය, හැවන වතුයායේ පොල්ගෙඩි දෙකක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයකු නි”රුවත් කර ර’හසඟට මිරිස් කුඩු දමා කරට ලීයක් තබා බැඳ ප’හරදීම සම්බන්ධ සිද්ධියට සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් 20 වැනිදා දහවල් එම වතුයායේ ගේට්ටුව අසල පුවරු රැගත් පිරිසක් නිහඬ වි’රෝධතාවයක නිරත වූහ.

එක්තරා ආගමික සංවිධානයකට අයත් එම වතුයායේ, වතු අධිකාරිවරයා, මුරකරුවන් සහ ක්ෂේත‍්‍ර නිලධාරියකු එක්ව ඉකුත් මැයි මාසයේ සිදු කළ මෙම පහරදීම සම්බන්ධව ප’හරකෑමට ලක්වූ පුද්ගලයා 2021- 11- 13 වැනිදා කොළඹ පොලිස් සහන මැදිරියට පැ:මිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර මාරවිල පොලිසිය ඒ පිළිබඳව පසුව වි’මර්ශනයක් සිදුකර තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැ’කකාර වතු අධිකාරිවරයා සහ ක්ෂේත‍්‍ර නිලධාරියා මාරවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉකුත් 24 වැනිදා මාරවිල උසාවියට ඉදිරිපත් කර තිබූ අතර මාරවිල දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා ඔවුන්ට ඇප නියම කර තිබුණි.

මේ සම්බන්ධව ප’හරකෑමට ලක්වූ පැමිණිලිකරු වන සුරංග නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොශාන්ති ප‍්‍රනාන්දු මහත්මිය සහ සැ’කකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා පැවසූයේ ප’හරකෑමට ලක් වූ පුද්ගලයා ව’න්දි මුදලක් ලබා ගැනීමට එකඟ වූ බවය.

ඒත් 20 වැනිදා පැවැති වි’රෝධතාවයේදී ඔහු පවසා සිටියේ තමන්ට රුපියල් විසිපන්දහසක් දීමට යෝජනා කළත් ඊට තමන් එකඟ නොවූ බවය.

මොහු දෙදරු පියකු වන අතර මව සහ දරුවන් දෙදෙනා සිටින නිවසට සිද්ධිය වීමෙන් පසු නි’රුවතින් මොහු පැමිණි බව ඔහුගේ මව මෙහිදී පැවසුවාය.මොහු නි’රුවත් කර ප’හර දීම පිළිබඳව වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක ආර්. එම්. පී. රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ශාන්ත බණ්ඩාර මහතා මෙහි පරීක්ෂණ පවත්වයි.

නාත්තන්ඩිය – රෙක්ස් හැරිසන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here