මහාමාර්ග ඇමති මධ්‍යම අධිවේගයේ හදිසි සොයාබැලීමක්.

0

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දැනට ඉදිකිරීම් අවසන් කර ඇති ප්‍රධාන අන්තර්හුවමාරුව ලෙස සැලකෙන මීරිගම අන්තර් හුවමාරුව වෙත පිවිසෙන පිවිසුම් මාර්ග වල ඉදිකිරීම් කටයුතු වල වර්ථමාන තත්ත්වය පිලිබදව සොයා බැලීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 22-12-2021 වන අද දින එම ප්‍රාදේශීයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මීරිගම – කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව මීරිගම නගරයේ ඇතිවන දැඩි වාහන තදබදයට පිලියමක් ලෙස මීරිගම නගරයේ සිට අන්තර්හුවමාරු මධ්‍යස්ථානය දක්වා අතුරු මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය මෙම නිරීක්ෂණය චාරිකාවේදී යොමු විය. එමෙන්ම මීරිගම නගරයේ රථවාහන ගාල් කිරීම සදහා රථවාහන ගාල ඉදිකරන ප්‍රදේශයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here