බ්‍රීෂ්ට පිං පිණිස අයාලේ යන බල්ලන්ගේ ‘කටුවාකෑම’ට බෙහෙත්

0

නිට්ටඹුව පොලිසියේ සිටි පු”පු රණ ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ පොලිස් නිල සුනඛ “බ්‍රීෂ්’’ මි’යගොස් මාසයක් ගතවීම නිමිත්තෙන් පිං අනුමෝදන් කිරීමේ පින්කමක් ඊයේ (21) නිට්ටඹුව පොලිසියේදී සිදු කෙරිණි.

ඒ නිට්ටඹුව පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයන්ට සහ නිට්ටඹුව නගරයේ අයාලේ යන සුනඛයන්ට දානයක් ලබා දීම මගිනි. නිට්ටඹුව නගරයේ හා අවට අයාලේ යන සුනඛයන් බහුතරයකට වැළදී ඇති “කටුවා කෑම” නමින් හඳුන්වන රෝගය සඳහා ලබා දෙන බෙහෙත් දිවා ආහාරය සමග මුසු කර ලබා දීම මෙම පින්කමේදී සිදු කෙරුණු සුවිශේෂි කටයුත්තකි.

නිට්ටඹුව පොලිසියේ මැදිහත් වීමෙන් මෙම දානමය පින්කම සංවිධානය කෙරිණි.

පසුගිය නොවැම්බර් (21 වැනිදා) හදිසියේ ඇතිවූ ක’ම්පන තත්ත්වයක් හේතුවෙන් නිට්ටඹුව නිල සුනඛ අංශයට අනුයුක්තව අවුරුදු 1යි මාස 10 සේවය කළ “බ්‍රීෂ්’’ මෙලොවින් සමු ගත්තේය.

නිට්ටඹුව නිල සුනඛ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඒ. ආර්. රත්නායකගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ජයරත්න යටතේ සේවය කළ “බ්‍රීෂ්’’ මි’යයන විට වයස අවුරුදු 3කි.

“බ්‍රීෂ්’’ ප්‍රථමයෙන් සිය රාජකාරීමය කටයුතු සඳහා යොමු වූයේ කොළඹ උතුර වෙරළබඩ පොලිස් නිල සුනඛ අංශයටයි.අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේදී පු”පු රණ ද්‍රව්‍ය සම්බන්ධ විශේෂඥ පුහුණුවක් ලද “බ්‍රීෂ්’’ පු”පු රණ ද්‍රව්‍ය පිළිබඳව තියුණු ඉවක් සහ ඕනෑම තැනක සඟවා ඇති ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ දක්ෂතාවකින් පිරි සත්ත්වයෙකි.

සිය සේවා කාලය තුළ පැවරූ රාජකාරී 75ක් සිදු කිරීමට දක්ෂ වී ඇත. “බ්‍රීෂ්’’ අවසානයට මීරිගමදී මි’යගිය පා”තාල ක’ල්ලි නායක කොස්ගොඩ තාරකගේ ම’රණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ද ආ’යුධ සොයා ගැනීමට පවා සමත්විය. “බ්‍රීෂ්’’ මි’යයන මොහොත දක්වාම අමිල මෙහෙයක් ගම්පහ පොලිස් කොට්ඨාසයටම සිදු කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here