අයියගේ ID එක හො’රාගෙන 15 වියැති සිසුවා පෙම්වතිය සමග හෝටලයකට රිංගලා

0

ඔන්ලයින් පාඩම් සඳහා දෙමාපියන් මිලදී ගෙන දුන් ජංගම දුරකථනය විකුණා නුවරඑළිය හෝටල් කාමරයක දින දෙකක් පුරා 15 වියැති සිසුවියක් සමග සිටි පහළොස් හැවිරිදි පාසල් සිසුවකු ලබන 29 දින දක්වා උඩුනුවර වෙලම්බොඩ ළමා රැ’ඳවුම් මධ්‍යස්ථානයේ තබන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර නියම කළේය.

ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක 10 වසර සිසුවකු නගරයේ තවත් බාලිකා පාසලක 10 වසර ශිෂ්‍යාවක් මෙසේ හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇති බව පොලිසිය පැවැසීය.

මොවුන් මාස 8 ක පෙම්වතුන්ය. පසුගිය 19 වන දින අතිරේක පන්තියකට යන බව පවසා දෙදෙනාම නාවලපිටිය ප්‍රදේශයේ දිය ඇල්ලකට ගොස් සවස් වනතුරු එහි කාලය ගත කර ඇත.අනතුරුව එදිනම දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇත.

පාසල් සිසුවා ජංගම දුරකථනය රුපියල් 7000 කට විකුණා ඇත.

අඩු වයස් අයට හෝටල් කාමර නොදෙන බව දන්නා මොහු තමාගේ පෙනුම ඇති වැඩිමහල් සොයුරාගේ ජාතික හැඳුනුම්පත සො’රාගෙන ගොස් එය හෝටලයට පෙන්වා ඇත.

මේ අයුරින් හෝටල් කාමරයක් රැගෙන මොවුන් දෙදෙනා එහි නතර වී තිබේ. මේ අතර ශිෂ්‍යාව අ’තුරුදන් වී ඇතැයි ඇයගේ මව ගම්පොළ පොලිසියට පැ’මිණිල්ලක් කර ඇත.

ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අරඹා තිබියදී දින 2 කට පසු එම ශිෂ්‍යාව යළි නිවසට පැමිණ ඇත.

පොලිස් ප්‍ර’ශ්න කිරීම්වලදී පහළොස් හැවිරිදි මෙම දැරිය දූ”ෂ ණයට ලක්ව ඇතැයි හෙළිවීම නිසා මෙම සිසුවා අ’ත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

වෛද්‍ය පරීක්ෂණය සඳහා එම ශිෂ්‍යා​ව ගම්පොළ රෝහලට ඇතුළත් කොට ඇත.ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දුගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වෙලගෙදර, උප පොලිස් පරීක්ෂක පාලිත, පොලිස් සැරයන් 45211 ජයවීර, කාන්තා පොලිස් සැරයන් 9205 මුදන්නායක යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here