පොලිස් ලොක්කෙකුගේ නිල නිවෙසට හො’රෙන් ඇතුළු වූ හමුදා සෙබළෙකුට නින්ද ගිහින්.

0

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මලලසේකර මාවත, කොළඹ 7, නිල නිවසට අ’නවසරයෙන් ඇතුළු වූ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් පසුගිය සිකුරාදා (24 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ඔහුගේ පවුලේ අය නිවාඩුවකට ගම් ප්‍රදේශය බලා පිටත්ව ගොස් සිටි අවස්ථාවක ජංගම දුරකථනය මගින් නිල නිවසේ සවිකර ඇති සීසීටීවී කැමරා පරික්ෂා කර ඇත.

එහිදී ඔහුට නිරීක්ෂණය වී ඇත්තේ නිල නිවසේ ජනේලයක් විවෘත ඇති අයුරුය.ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් ඇමැතූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දන්වා ඇත්තේ මේ පිළිබඳව සොයා බලන ලෙසටය.

ආරක්ෂක නිලධාරීන් පරීක්ෂාකර බලා නිවසට යමෙකු ඇතුළු වී ඇති බව දැනගෙන ඔවුන් කුරුඳුවත්ත පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ඉන්පසුව කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් නිල නිවස වටා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි.

පැය කිහිපයක් ගත වූ පසු ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන්ට දර්ශනය වී ඇත්තේ එම නිල නිවසට යාබදව පිහිටි තිරිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවස තුළින් යමෙකු එළියට එන අයුරුය. එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ ඔහු යු’ද හමුදා සෙබළකු බවය.

යු’ද හමුදාවේ උසස් නිලධාරියකුගේ නත්තල් පාටියට උදව් කිරීමට පැමිණ ආපසු යන අවස්ථාවේදී ඔහු මෙලෙස අයුතු ලෙස මෙම නිල නිවාසවලට ඇතුළු වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසට ඇතුළු වූ සැ’කකරු පසුව යාබද තිරිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසට ඇතුළු වී ඇත. ඔහුට එම නිවස තුළ නින්ද ගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

නින්ද යෑම නිසා නිවසින් පිටවීම ප්‍රමාද වූ හෙයින් සැ’කකරු පොලිස් අත්අඩංගුවට පත් වී තිබුණි. අත්අඩංගුවට ගත් සැ’කකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇ’ප මත මු’දාහැරීමට නි’යෝග කර ඇත.

හේමන්ත ලියනපතිරණ ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here