තක්කාලි සො’රකමේ ආ සො’රා තක්කාලිත් එක්කම මාට්ටුයි.

0

බණ්ඩාරවෙල, මකුල්ඇල්ල ප්‍රදේශයේදී එළවළු සො’රකමේ පැමිණි පුද්ගලයකු මකුල්ඇල්ල ප්‍රදේශවාසීහු විසින් අල්ලා පොලිසියට භාර දීමේ සිද්ධියක් බණ්ඩාරවෙළින් වාර්තා වෙයි.

රාත්‍රී කාලයේදී සො’රකමේ පැමිණි පුද්ගලයා එළවළු කොටුවකට පැන තක්කාලි කඩමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොටු කරගෙන තිබේ. 45 හැවිරිදි මෙම පුද්ගලයා මින් පෙර අවස්ථාවකදීද රාත්‍රී කාලයේ දී එළවළු කොටු කිහිපයකින්ම එළවළු සො’රකම් කිරීමේ සිද්ධීන් වාර්තා වූ බව මකුල්ඇල්ල ගොවීහු පොලීසියට දන්වා තිබේ.

එළවළු මිල මේ දිනවල අධික බැවින් එළවළු සොරුන් බිහි වී ඇති බවද සො’රුන්ගෙන් එළවළු කොටු ආරක්ෂා කර ගැනීම සඳහා අමතර වෙහෙසක් දැරීමට සිදු වී ඇති බවද එම ප්‍රදේශවල ගොවීහු පවසති. තවද මොහු විසින් සොරකමට සැරසුණු තක්කාලි කිලෝවක මිල රුපියල් 800ක් බවද ගොවීහු පෙන්වා දුන්හ.

මින් පෙර අවස්ථාවකදී ද වැලිමඩ ප්‍රදේශයෙන් මෙවැනිම එළවළු සො’රකම් කිහිපයක්ම වාර්තා වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here