පදවිය උඩු ඇලේ පැය 10 කට අධික කාලයක් මහ හඩින් කෑ ගසමින් වි’ලාප දෙමින් දිය නෑ නාවික හමුදා සෙබළෙකු ඊයේ (28දා) සවස පදවිය පොලිසියේ නිලධාරීන් හා ප්රදේශවාසින් පිරිසක් විසින් ගොඩට ගෙන ඇත.
මෙම නාවික හමුදා සෙබළා කුලියාපිටිය ප්රදේශයේ පදිංචි අයෙකි. ඔහු මහනුවර ප්රදේශයේ නාවික හමුදා කදවුරක සේවය කරන බව මුලික විමර්ශන මගින් අනාවරණය කර ගැනීමට හැකිවූ බව උප පොලිස් පරීක්ෂක සම්පත් පැවසීය.
පෙරේදා උදෑසන බාරයක් ඔප්පු කිරීම සඳහා අනුරාධපුර පූජා නගරයට පැමිණි මෙම සෙබළා අනතුරුව පදවිය ඒ, යාය ප්රදේශයේ ඥාති කාන්තාවකගේ නිවසකට පැමිණ තිබේ. එහිදී ඊයේ උදෑසන 6ට පමණ දිය නෑම සඳහා පදවිය උඩ ඇළට ගොස් ඇතත් සවස් වනතුරුත් යළි නිවසට නොපැමිණීම නිසා නිවැසියන් කලබලවී සොයා බැලීමේදී මහ හඩින් විලාප දෙමින් දිය නාන තරුණයා දැක ඇත. ඔහු මෙසේ පැය 10ක් පමණ දියේ බැසගෙන සිට ඇත. පොලිසිය පැමිණ මහත් පරිශ්රමයක් ගෙන ජලයෙන් ගොඩට ගෙන ඇත. එහිදී ඔහු පොලිස් නිලධාරින්ට පවා පහරදීමට සැරසී ඇත..
මෙම නාවික හමුදා සෙබළා ගොඩට ගැනීමට මුලදී ප්රදේශවාසීන් විශාල උත්සාහයක නිරත වුවත් එය අසාර්ථක වී ඇත. ගොඩට ගෙන ඒ, යාය ශ්රි සුදර්ශනාරාම විහාරස්ථානය වෙත ඔහු රැගෙන යනු ලැබීය. මොහු මෙලෙස දිය නා ඇත්තේ බාරයක් ඔප්පු කිරීමට වියහැකි යැයි ප්රදේශවාසීහු පවසති.
ටී.එම් .ධර්මරත්න -පදවිය