ජනතාවට සහනයක්..දිවයින පුරා ග්‍රාමීය මාර්ග කඩිනමින් සංවර්ධනය කෙරේ.

0

දිවයින පුරා ඇති  පාසල් වලට සහ ග්‍රාමීය රෝහල් වලට ප්‍රවිශ්ඨ වන ප්‍රවේශ මාර්ග සියල්ලම  සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින 2022.01.02 දින පාසල් හා රෝහල් මාර්ග සංවර්ධනය කිරීමේ  සමාරම්භක අවස්ථාවට  එක් වෙමිනි.ඒ කුරුණෑගල සර් ජෝන් කොතලාවල පාසැල අසලින් ඉදිකරන පදික උමං  මාර්ගයට මුල්ගල තබමිණි.

සංවර්ධනය කල යුතු බවට හදුනා ගත් ග්‍රාමීය පාසල් පිවිසුම් මාර්ග සහ ග්‍රාමීය රෝහල් වල පිවිසුම් මාර්ග පිළිබද  සෑම විස්තරයක්  තමා වෙත කඩිනමින් ලබා දිය යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්. ආර් පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී. මෙය කඩිනමින් තමා වෙත  ඉදිරිපත් කල යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ට  සංවර්ධනය කල යුතු ප්‍රවේශ මාර්ගයන් හදුනා ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන්ටද උපදෙස් ලබා දෙන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. පාසල් සහ රෝහල් ප්‍රවේශ මාර්ගයන් සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලමින් ජනතාවගෙන් ඉල්ලීම් ලිපි තමන් වෙත ලැබෙන බවත්  සංවර්ධනය කල යුතු බවට එසේ ඔවුන් විසින් ලබා දෙන මාර්ග ප්‍රමුඛතාවය මත සංවර්ධන කටයුතු ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

කිරි උතුරවා ඉන්පසු කල යුත්තේ කිරිබත් මේසයට යෑම නොව කිරි උතුරවා වැඩපල ආරම්භ කිරීම බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.මෙසේ 2022 අළුත් අවුරුද්ද අභියෝග ජය ගන්න වසරක් ලෙසත් ඒ අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කල යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

නිලධාරීන් මේ සංවර්ධනයට උදව් කල යුතුමයි. අවශ්‍ය වෙලාවට වැඩ කල යුතුයි. දේශපාලකයාට විතරක් බැන්නට වැඩක් නෑ අපි ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවා ඊට පස්සෙ වැඩ කරන්න ඕනෙ නිලධාරීන් ඒ නිසා ඔබලාගේ සහාය අනිවාර්‍යෙන් ලබා දෙන්න ජනතාව වෙනුවෙන් කියා මා ඉල්ලනවා යනුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ වගේමයි ආණ්ඩුව වට්ටන්න බලාගෙන වැඩ කරන එක විතරයි විපක්ෂය කරන්නෙ.ආණ්ඩු ගන්න පුලුවන් ජනතාව හොදින් හිටියොත්.ඒ නිසා බලය ගන්න එක ගැන හිතන්න කලින් මේ කොවිඩ් අ’ර්බුදය ඉක්මනින් අවසන් කරන්නෙ කොහොමද කියන එකයි බලන්න ඕනෙ. ආණ්ඩුව විවේචනය කලාට වැඩක් නෑ. මම කිවුවා රට හදන වැඩ පිලිවෙලක් විපක්ෂයට තියෙනවනම් ඒක පැය 24ක් ඇතුලත කියන්න කියලා. තාමත් ඒ අභියෝගය බාරගෙන නෑ. කයිවාරු පැත්තක තියලා මේ අභියෝග රටක් විදියට ජය ගන්නෙ කොහොමද කියලා මේ මොහොතේ හිතන්න අවශ්‍යයි කියලා  විපක්ෂයට මතක් කර දෙනවා යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

ඒ වගේමයි විපක්ෂය කියනවා ආණ්ඩුව 2022 පෙරලනවා කියලා.විපක්ෂයට හීන බලන්න අයිතියක් තියෙනවා.ඒත් විපක්ෂය දකින්නෙ හැබෑ කරගන්න බැරි දවල් හීන.ඒ නිසා තව අවුරුදු ගණනාවක් බලන් ඉන්න් වෙයි.බලය අල්ලන්න දගලනවට වඩා මේ කොවිඩ් අර්බුධයෙන් ගොඩ එන්න එකතු වෙන එකයි වගකීමක් ඇති විපක්ෂයක් නම් කල යුත්තෙ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය .

මෙම අවස්ථාවට පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධනය හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් , කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here