කිතුල්ගල කන්දට පිට පිට අ’කුණු ග’හන්නේ ඇයි ?

0

කිතුල්ගල, ඉහළ බටහීන්කන්ද ප‍්‍රදේශයට දිගින් දිගටම පතිත වන අ’කුණු සර හේතුවෙන් එම ගම්මානයේ ජීවත් වීම දැඩි අ’වදානම් සහගත බව ගම්වැසියෝ පෙන්වා දෙති.

මෙම අ’කුණු සර හේතුවෙන් ගම්මානයේ එක් පුද්ගලයකු මි’යගොස් තවත් පුද්ගලයන් කිහිප දෙනකුටම තු’වාල සිදු වී ඇති බව වාර්තා විය.

ඉහළ බටහීන්කන්ද ප‍්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ප්‍රේමලතා බොතේජු ගෙන් විමසීමේදී ඇය මේ බව කියා සිටියාය.

මගේ ගෙදට්ට තුන් සැරයක් අ’කුණුත් හෙ’ණ වැදිලා තියෙනවා. අනේ එක සැරයක් මගේ පුතාට වැදිලා එයාව ඉස්පිරිතාලෙත් නතර කළා. අපේ ගෙදර කරන්ට් බඩු ඔක්කොමත් මේ හෙණ ගැහිල්ල නිසා කිහිප වතාවක් පිච්චිලා ගියා. ඕවා පි’ච්චෙන පි’ච්චෙන පාරට ගන්න අපිට සල්ලිත් නෑ. පුදුම ක’රුමයක් තමයි අපි විඳින්නේ.

ගෙදර බල්බ් කීපාරකට කියලා මාරු කරනවාද දෙයියනේ. දැන් යන්තන් විදුලි කො’ටද්දි අපේ ඇඟ ගැ’හෙනවා. වෙන පැති වලට වැස්ස එක්කනේ මේ අ’කුණු ග’හන්නේ අපිට එහෙම වැස්ස නැතත් අ’කුණු ග’හනවා. පොඩ්ඩ ඇත්නම් අපේ ළමයි දුවලා ගිහින් ඇඳන් උඩ ගුළි වෙලා ඉන්නේ මේ අ’කුණු ගැ’හිල්ල නිසා.

දැන් අවුරුදු 3කට ඉස්සර ඉඳලා මේ අ’කුණු වැඩි වෙලා තියෙනවා. ගමේ උස තැනක ටෙලිෆෝන් කණුවක් හයි කරලා. එදා ඉඳලා අකුණු වැඩි වෙලා තියෙනවා. අපි හිතන්නේ මේ කණුව නිසා තමයි අපේ ගමට වදින හෙ’ණ වැඩි වෙලා තියෙන්නේ කියලා. අනේ අපි ගැන හිතලා මේකට මොකක් හරි කරලා දෙන්න කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ රජයේ මහත්තුරුන්ගෙන්.’’

කෑගල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ කිතුල්ගල, ඉහළ බටහීන්කන්ද ප්‍රදේශය පිහිටා ඇත්තේ අනෙත් ගම්මානවලටත් වඩා ඉහළින් බවයි. එම භූගෝලීය පිහිටීම නිසා ධන ආරෝපණ ඉතා ඉක්මනින් පතිත වන බව ඔවුහු කියා සිටියහ.

මීට අවුරුදු තුනකට උඩදී සවිකරන ලද ටෙලිෆෝන් කුලුන නිසාවෙන්ද ධන ආරෝපණ ඇද ගැනීමක් සිදුවන බව ප්‍රදේශවාසීහු අරුණ සමග කියා සිටියහ.

ඉහළ බටහීන්කන්ද ප‍්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ජී. දිනේෂ් මදුරංග අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

“අපේ ගමේ තියෙන ඔක්කොම වගේ ගෙවල් වලට මේ අ’කුණු නම් වැ’දිලා තියෙනවා. නිතර නිතර අ’කුණු ග’හද්දි උයා ගත්ත දේත් කන්න බොන්න විදිහක් නැතුව අපි වි’ඳවනවා. අපි වගේ කට්ටියක් ලංකාවේ ඉන්නවාද කියාලා ගොඩක් අය දන්නෙත් නැතුව ඇති. මේ අ’කුණු නිසා සදහටම එකතැන් වුණ කට්ටියකුත් අපේ ගමේ ඉන්නවා. එහෙම කියලා යන්න වෙන තැනක් නැති නිසා මැ’රෙනකම්ම මේ දුක විඳ විඳ ඉන්නවා. ’’

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අපදා සහන නිලධාරි රොහාන් චතුරංග පියදාස මෙසේ කියා සිටියේය.

“හැම අවුරුද්දකම යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අකුණු වැ’දීම් 75 – 100 අතර ප‍්‍රමාණයක් සිදු වෙලා වාර්තා වෙනවා.

මේ ඔක්කෝම අ’නතුරුවලට වන්දි මුදල් රජයෙන් ලබා දීලා තියෙනවා. මෙම අකුණු අ’නතුරු පිළිබඳව අපි මේ වන විට සබරගමු පළාත් සභාව හා අපදා කළමනාකරණ ඒකකය දැනුවත් කරලා තියෙන්නේ. ඒ අනුව ඉදිරියේදී සුදුසු ආරක්ෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නත් සැලසුම් කරලා තියෙනවා.’’

ඒ. ඒ. නිශාන්ත – දැරණියගල ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here