වත්තට ක’රදරයක් වෙච්ච මානා පඳුරුවලින් පාට පාට කඩදාසි හදන නලීන්

0

ගොවිබිම්වලට දැ’ඩි ත’ර්ජනයක්ව පවතින මානා පඳුරු ගලවා එම කොළවලින් කඩදාසි නිපදවන නිර්මාණකරුවකු පිළිබඳව රාජාංගණය වෙහෙරගලින් වාර්තා වේ.

රාජාංගණය වෙහෙරගල පදිංචි නලීන් වසන්ත මෙලෙස මානා කොළ යොදාගනිමින් කඩදාසි නිපදවීමේ යෙදී සිටියි. මෙම කඩදාසි නිෂ්පාදනය බැලීමට පැමිණි චීන රජයේ විශේෂ දූත පිරිසක්ද පැසසුමට ලක්කර ඇත.

මානා පඳුරුවලින් කපා ගන්නා කොළ සිහින්ව ක’පා තම්බා පල්පයක් වන ආකාරයට අඹරා ගන්නා බව ඔහු කීවේය. අනතුරුව තමා විසින්ම සකස් කරගත් දැව රාමු තුළට එම පල්පය තුනී කර හිරු එළියෙන් වේලා ගන්නා බව ඔහු කියා සිටියේය.

ඒ අතරතුර අවශ්‍ය වර්ණ එක් කරන බවත් එම වර්ණ දේශීය අමුද්‍රව්‍ය ආධාරයෙන් සකස් කරගන්නා බවත් ඔහු පවසයි. මේ ක්‍රියාවලිය සඳහා කිසිදු යන්ත්‍රයක් යොදා නොගන්නා බවද නලීන් වසන්ත කීවේය.

මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණය සිදු කෙරෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙනි. එහි අධ්‍යක්ෂ සුගත් නයනානන්ද පැවසුවේ මෙවැන්නකි. “මේ ව්‍යාපෘතියට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 70ක මුදලක් වෙන් කරලා තියෙනවා.

රාජාංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පිහිටුවල තියෙන සෞභාග්‍යා නිෂ්පාදන සමිතිය හරහා තමයි ප්‍රතිපාදන ඒ නිර්මාණකරුවන්ට ලබා දෙන්නේ. මේ කඩදාසිවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණය වගේම යන්ත්‍ර සූත්‍රත් ඉදිරියේ දී ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජරට වැව්වල ආක්‍රමණික ජලජ ශාක වන ජපන් ජබර වගේම සැල්වීනියත් ඊට අමතරව යෝධ නිදිකුම්බා වගේ ශාකත් මේ සඳහා යොදාගන්න බලාපොරොත්තු වෙනවා.”

මානා කිලෝ අසූවක් සීයක් අතර ප්‍රමාණයක් මෙම කර්මාන්තය සඳහා යොදා ගන්නා බව රනිල් කියා සිටියේය. මොහු මෙම නිෂ්පාදන කොළඹ ‍පෞද්ගලික ආයතන කිහිපයකට අලෙවි කරමින් මාසිකව රුපියල් හැත්තෑදහසක මුදලක් උපයා ගන්නා බවද පැවැසීය.

කේ. එම්. එස්. කරුණාරත්න – අනුරාධපුර ( අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here