මෙරට ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවකට අධිකරණයෙන් ත’හනමක්

0

මෙරට පිහිටි ‌පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කීර්තියට හා’නි වන ආකාරයේ අසත්‍ය හා අ’පහාසාත්මක විඩියෝවක් ‘Youtube’ ජාලයේ පළ කිරීම ත’හනම් කරමින් කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ කැලිපෝනියාවේ පිහිටි ‘Youtube’ මව් සමාගමට සහ ‘Colombo Today’ නමැති ‘Youtube’ නාළිකාව වෙත අතුරු ත’හනම් නියෝගයක් ඊයේ (4 වැනිදා) නිකුත් කළේය.

ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක රෂියන් කැම්පස් ආයතනය (REC) පැවරු නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව මෙම නි’යෝගය නිකුත් කළ අතර, නඩු විභාගය අවසන් වන තෙක් එය බලපැවැත්වෙන බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

අදාළ ‘Youtube’ නාළිකාව විසින් පළ කරන ලද වීඩියෝ පටයක් තුළින් සිය කීර්තියට හා’නි වන බව සඳහන් කරමින් පැ’මිණිලිකාර සමාගම විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.

මෙම අ’පහාසාත්මක වීඩියෝව ඉවත් කරගන්නා ලෙස අවස්ථා ගණනාවකදී තමන් ‘Youtube’ ආයතනය දැනුවත් කළ ද ඔවුන් එය නොසලකා අඛණ්ඩව විකාශය කළ බව ද පැ’මිණිල්ලේ සඳහන්ය.

ස්වෛරි රාජ්‍යයක නීතියක් මගින් පාලනය වන ආයතනයකට අ’පහාස කිරීමේ හිමිකමක් හා එම නීති නොසලකා කටයුතු කිරීමේ හැකියාවක් ඇමරිකාවේ ක්‍රියාත්මක සමාගමකට නොමැති බව පැ’මිණිලිකාර සමාගම පෙන්වා දුන්නේය.

අදාළ නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ‘Colombo Today’ නාළිකාවේ අයිතිකරු බව කියන කීර්ති දුනුවිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම අතුරු ත’හනම් නි’යෝගය නිකුත් නොකරන ලෙස ඉල්ලා සිටියේය.

ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ තමා ‘Youtube’ නාළිකාව ඔස්සේ පැ’මිණිලිකාර විශ්වවිද්‍යාලය විසින් සිදුකරන වං’චා සහගත ක්‍රියා පිළිබඳ තොරතුරු පළ කළ බව වගඋත්තරකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

පැ’මිණිලිකාර සමාගම විසින් වං’චාවක් සිදු කරන බව වි’ත්තිකරුවන් විසින් චෝ’දනා කළ ද පැ’මිණිලිකාර ආයතනය කීර්තිමත් ආයතනයක් බව විත්තිකරුවන් ද පිළිගෙන ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් මුදල් අය කිරීම වං’චාවක් නොවන බව සිය නි’යෝගය මගින් සඳහන් කළේය.

මේ අනුව විත්තියේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නඩුව අවසාන වන තෙක් අතුරු ත’හනම් නි’යෝගයක් නිකුත් කළේය. නඩුව මාර්තු 23 වැනිදා යළි කැඳවීමට නියමිතය.

පැ’මිණිල්ල වෙනුවෙන් නීතිඥ මනෝජ් බණ්ඩාර පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here