අධික වැසි සුළි කු’ණාටු ගංවතුර නා’යයෑම් නියඟ 2022දී එයි.

0

ගෝලීය උණුසුම ඉහළ යාම ඇතුළු කාලගුණික විපර්යාස මේ වනවිට ලෝකයට දැවැන්ත බ’ලපෑමක් කරමින් සිටින බව ඇස් පනාපිට පෙනෙන්නට ඇති සත්‍යයකි. අධික වැසි, සුළි කු’ණාටු, ගංවතුර, නා’යයාම්, නියඟ, ලැව් ගි’නි, අයිස් දියවීම්, සාගර ජල මට්ටම ඉහළ යාම වැනි තත්ත්වයන්හි පැහැදිලි වර්ධනයක් දක්නට ඇති බව විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබේ.

2022දී මේවා ලෝකය මුහුණ දෙන දැවැන්ත අභියෝගයන්ය. ඉතා ඉක්මනින් මෙම කාලගුණික අ’ර්බුද විසඳීම සඳහා අවංකව ඵලදායී පියවර නොගතහොත් මිහිකත මෙන්ම මිනිස් සං’හතියද දැ’ඩි ඛේ’දවාචකයකට ගො’දුරු වනු ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙමින් සිටින කාරණයකි.

මෙම කාරණයට අදාළ ඉතා වැදගත් සමුළුවක් පසුගිය නොවැම්බරයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නගරයේදී පැවැත්විණි. රටවල් 196ක නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙය එක්සත් ජාතීන්ගේ අනුග්‍රහයෙන් පැවැත්විණි.

ලෝකයෙහි කාලගුණික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් පසුගිය වසරේ විද්‍යාඥයන් 14,000කගේ අත්සනින් යුතුව ප්‍රකාශයක් නිකුත් කිරීමද කැපී පෙනෙන සිද්ධියක් විය. ඒ අතරින් විද්‍යාඥයන් කණ්ඩායමක් බයෝසයන්ස් (BioScience) නමැති සඟරාවකට ලිපියක් ලියමින් පෙන්වා දෙන්නේ කාලගුණික අ’ර්බුදයට සම්බන්ධ බොහෝ තත්ත්වයන් ආපසු හැරවිය නොහැකි මට්ටමක් කරා ළඟාවෙමින් තිබෙන බවයි.

මේ සියල්ලට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මිහිකත අධි සූ’රාකෑමට ලක් කිරීම වැළැක්වීමට රජයන් අසමත්ව තිබීමයි. 2019 වසරේ සිට ලෝකයේ බොහෝ කලාපවල ස්වාභාවික විපත්වල විශාල වැඩි වීමක් දක්නට ඇති බව මෙම විද්‍යාඥයෝ අවධාරණය කරති. දකුණු ඇමරිකාව, අග්නිදිග ආසියාව වැනි කලාපවල ඇතිවූ ගංවතුර, ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ ඉහළ උෂ්ණත්වයන් සහ ලැව් ගි’නි, අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ බි’හිසුණු සුළි කු’ණාටු ආදිය ඉහළ යමින් තිබීම ඔවුහු පෙන්වා දෙති.

කාලගුණික ගැ’ටලුවලට හේතුවන ප්‍රධාන කාරණයක් වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමය. ඊට වැඩි වශයෙන්ම බලපාන්නේ ඛනිජ තෙල්, ගල්අඟුරු, ගෑස් වැනි ෆොසිල ඉන්ධන දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් වායුගෝලයට එකතු වීමයි. කොවිඩ් වසංගතය නිසා කාබන් විමෝචනයේ යම් අඩුවීමක් වාර්තා වුවද ඉහත කී විද්‍යාඥයන් පවසා ඇත්තේ 2021 වසර තුළ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සහ මීතේන් ප්‍රමාණය වාර්තාගත ආකාරයෙන් වැඩි වී ඇති බවය.

ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ පවතින අයිස් ප්‍රමාණය අන් කවරදාටත් වඩා අඩු වී ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ. ග්ලැසියර දියවන වේගය මෙයට වසර 15කට පෙර පැවැති වේගයට වඩා සියයට 31කින් පමණ වැඩි වී ඇත.

2019න් පසු සාගර උෂ්ණත්වය සහ සාගර ජල මට්ටමද වාර්තාගත ආකාරයෙන් වැඩි වී තිබේ. බ්‍රසීලයේ ඇමසන් වනය අහිමි වීමේ වේගයද වසර 12කට පසු ඉහළම අගයක් පෙන්වන බව ඔවුහු පෙන්වා දෙති. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා ධ්‍රැව ආසන්න අයිස් දියවීමෙන් සාගර ජලමට්ටම ඉහළ යාම ලෝකයේ බොහෝ දූපත් රාජ්‍යයන්ට දැ’ඩි ත’ර්ජනයක් එ’ල්ල කරන්නකි. මෙම රටවල භූමි ප්‍රමාණයෙන් වෙරළාසන්න ප්‍රදේශ මුහුදුබත් වීමේ අ’වදානමක් තිබේ. මුහුදු ජලය නිසා කෘෂිකාර්මික කටයුතුවලට ද දැ’ඩි බ’ලපෑමක් ඇති වෙයි.

ලෝකයේ ඇතැම් කලාප මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට

නියඟය ඇතුළු තත්ත්වයන් නිසා ලෝකයේ ඇතැම් කලාප මිනිස් වාසයට නුසුදුසු තත්ත්වයට පත් වනු ඇති බවටද අනාවැකි පළ වේ. මෙවැනි කලාපවල ජනයා විශාල වශයෙන් වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වීම ද විශාල අ’ර්බුදයක් ඇති කිරීමට නියමිතය. එමෙන්ම ආහාර අ’හේනිය වැනි තත්ත්වයන්ට ගො’දුරු වීමට ද බොහෝ ජන පිරිස්වලට සිදු වනු ඇත.

ගෝලීය උෂ්ණත්වය කාර්මික යුගයට පෙර පැවැති උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 2ක් ඉක්මවා වැඩි වීම වැලැක්වීමට මේ වනවිට එකඟතාවක් ඇති වී තිබේ. නමුත් මෙම ඉලක්කය ජය ගැනීම සඳහා රටවල් ප්‍රමාණවත් පියවර ගෙන ඇත්ද යන්න ගැ’ටලුවකි. විද්‍යාඥයන් දිගින් දිගටම පවසන්නේ මේ සඳහා ප්‍රමාණවත් තරම් පියවර ගෙන නොමැති බවයි. මෙම තත්ත්වය තුළ ඔවුන්ගේ තක්සේරුව වී ඇත්තේ ගෝලීය උෂ්ණත්වය කාර්මිකකරණයට පෙර පැවැති අගයට වඩා සෙන්ටිග්‍රේට් අංශක 3කින් පමණ ඉදිරියේදී වැඩි වනු ඇති බවයි.

ග්ලාස්ගෝව් සමුළුවේදී 2030 වසර වනවිට වායුගෝලයට මුදාහැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කිරීම සඳහා දැනට වඩා ඵලදායී වැඩසටහන් දියත් කිරීමට රටවලට විශාල පී’ඩනයක් එල්ල විය.

2050 වසර වනවිට වායුගෝලයට එක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ශුන්‍ය කිරීමද තවත් ඉලක්කයකි. ෆොසිල ඉන්ධන භාවිතය නතර කිරීම, වනාන්තරහරණය නතර කිරීම, විදුලි මෝටර් රථ භාවිතය සඳහා වැඩි වශයෙන් යොමු වීම, පුනර්ජනනීය බලශක්ති නිෂපාදනය සඳහා වැඩි වශයෙන් ආයෝජනය කිරීම වැනි පියවර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කෙරෙන මාතෘකාය.

කාලගුණික විපර්යාස නිසා ගැ’ටලු ගණනාවකට මුහුණ දී සිටින පාර්ශ්වයක් වන්නේ අඩු දියුණු සහ සංවර්ධනය වෙමින් තිබෙන රටවල්ය. සාගර ජල මට්ටම ඉහළ යාම, නියඟය, ලැව් ගිනි, ගංවතුර ආදි කාරණා නිසා ඔවුන්ගේ ආර්ථිකයන්ට එ’ල්ල වන බලපෑම සුළුපටු නොවේ. එමෙන්ම තම රටවල පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය වැනි කටයුතු සඳහා ආයෝජනය කිරීමට මුදල් සොයා ගැනීමේදීද දිළිඳු රටවලට බොහෝ ගැ’ටලුවලට මුහුණ දෙන්නට සිදුව ඇත.

මෙම අභියෝග ජයගැනීම සඳහා මෙම රටවලට ධනවත් රටවල් 2020 වනවිට වසරකට ඇ. ඩොලර් බිලියන 100 බැගින් ලබා දීමට පොරොන්දු වී තිබිණි. නමුත් මෙම ඉලක්කය ජය ගැනීමටද තවමත් නොහැකි වී ඇති අතර ආසන්නම සංඛ්‍යාලේඛනවලට අනුව තවමත් ලබාදී ඇත්තේ බිලියන 79ක් පමණි. මේ අතරින්ද වැඩි ප්‍රමාණයක් ලබාදී ඇත්තේ ආධාර ලෙසින් නොව ණය ලෙසිනි. මෙම ණය ගෙවීමද දිළිඳු රටවලට තවත් බරක් පටවා තිබේ.

( සහන් වික්‍රමගේ – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here